(එම්.සුසිල් පියන්ත සහ ඩි.ජේ.විජේසිංහ)
ඇල්පිටිය යක්කටුව මංසන්ධියේ දි, කළුවාදේව විමෙෂ් මදුෂ යන අයට යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෝ දෙදෙනා කොළඹ දෙමටගොඩ පදේශයේ දී විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකය නිලධාරින් විසින් සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබූහ.
මේ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරු පැදිය සහ වෙඩි තැබීමට යොදාගත් බෙල්ජියමේ නිෂ්පාදිත ගිනි අවිය සහ ඊට දමන පතුරම් හතරක් ද සොයා ගැනීමට පොලිස් විශේෂ කර්ය බළකායේ නිලධාරීන් සමත්වී තිබේ.
මේ සැකකරුවන් දෙදෙනාගෙන් වෙඩික්කරු කරන්දෙණිය අනුරුද්ධගම පදිංචි 40හැවිරිදි විවාහක අයකු බවත් පැදිකරු තිස්එක් හැවිරිදි යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු ලෙස කටයුතු කළ එයින් පලා ආ කරන්දෙණිය කුරුදුගහහැතැප්ම පදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා සහ ගිනි අවිය,පතුරම් සහ යතුරු පැදිය වැඩිදුර පරීක්ෂණ සදහා ඇල්පිටිය පොලීසියට බාරදී ඇත.
මේ සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd