බූරුවා පොළේ සිද්ධියකට වෙඩි පත්තු වෙයි පිටිගල නියාගම කබලුව දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි. 04 September 2022
පාන් මිල පා වෙයි තිරිඟු පිටි සඳහා කළු කඩ මාෆියාවක් බිහිවීමත් සමග වැඩි මිලට පාන්පිටි මිලදී ගැනීමට සිදුවීම නිසා ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 300ට අලෙවි කිරීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි. 03 September 2022
යුරෝපා සංගමය සතුට පළ කරයි ශ්‍රී ලංකාව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කළේය. 03 September 2022
ස්ථීර කැබිනට්ටුව තව කල් යන හැඩ ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. 03 September 2022
අයි.එම්.එෆ් සාකච්ඡා දෙස බලා පැරිස් සමාජයත් ලංකාවට අත දෙයි ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව ’’පැරිස් සමාජ සාමාජිකයෝ’’ (Paris Club Members) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ 03 September 2022
කෝටි 20,000ක හිඟ බිල්පත් මහා භාණ්ඩාගාරයේ හිර වෙයි රට පුරා ඉකුත් කාලයේ සිදුකරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි විසිදහසක පමණ හිඟ බිල්පත් මහා භාණ්ඩාගාරයේ සිර වී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 September 2022
ගොර්බචොව් අවසන් ගමන් යයි අවසන් සෝවියට් නායකයා ලෙස සැලකෙන මිහායිල් ගොර්බචොව්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව මැද මොස්කව් අගනුවර දී පැවැත්විණි. 03 September 2022
ඇල්ල ඔඩෙසි’ තවත් දින දෙකක් ධාවනයට කොළඹ සිට නගරාන්තර සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රියක් ලෙස ආරම්භ කළ ‘ඇල්ල ඔඩෙසි’ දුම්රිය මෙම මස 8 සහ 9 දෙදින සිට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු පැවසීය. 03 September 2022
සෞඛ්‍ය, ඛනිජතෙල් සහ විදුලියට ගැසට්ටුවක් එයි සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බිදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද( 03) සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 September 2022
පොහොට්ටුව එපා වූ තවත් පිරිසක් ඩලස්ලාට එකතු වෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 September 2022
බදු හොරුන්ට උදව් කරන නිලධාරීන් හයසියයක් ගැන පරීක්ෂණ කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත. 03 September 2022
ගෝඨාට තැන දෙන්න සීතා සූදානම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීනී සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය. 03 September 2022
එක් පවුලක් ලක්ෂ 58ක් ණයයි රටේ උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් දිවයිනේ සෑම පවුලක්ම මේ වසරේ මැයි මාසය වනවිට රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව සිටින බව විශේෂ අධ්‍යයනයකදී පෙනී ගියේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 03 September 2022
’’අමුත්තන්ගේ රාත්‍රියෙන්’’ 306ක් මාට්ටු ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 19 මගින් සිදුකළ ’’අමුත්තන්ගේ රාත්‍රිය ’’ මෙහෙයුමෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 306 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි. 03 September 2022
චීනයේ ස්ථාවරය කියයි ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කළ බවත් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 03 September 2022
අරගලයට මුවා වී වැරදි කළ 80ක් රට පැනලා අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධවූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනවිට විවිධක්‍රම මගින් විදේශයන්ට පලා ගොස් ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ගවලින් පැවසේ. 03 September 2022
එජාපය ආගමට මුල් තැන දී සංවත්සර සැමරුම අරඹයි එක්සත් ජාතික පක්ෂයේ 76 වෙනි සංවත්සර සැමරුම නිමිත්තෙන් සියලු ආගම් සිහිකරමින් ස්ථාන පහකදී හෙට(4) සර්ව ආගමික වතාවත් සිදුකරන බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 03 September 2022
නිරිත දිග කොටසට තද වැසි දිවයිනේ නිරිත දිග කොටසෙහි පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (3) පස්වරුවේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 September 2022
හිටපු ජනපති ගෝඨාභය යළි පැමිණෙයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . 03 September 2022
ඩොලර් වංචනිකයන් අල්ලන්න රටේ නීතියක් නෑ ඩොලර් වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට අද රටේ නීතියක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 02 September 2022
දේශපාලන අස්ථාවරත්වයෙන් අයි.එම්.එෆ් සල්ලි බෙදාහැරීම අවදානමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් ණය හිමියන්,ණය ප්‍රතිව්‍යූගත කිරීමට එකඟ වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් බෙදා හැරීමටත් දේශපාලන අස්ථාවරත්වය අවදානමක් ඇති කරන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දුන්නේය. 02 September 2022
පාර්ලිමේන්තුවට හොරෙන් ඇතුළු වීමට ගිය කතක් අල්ලයි පාර්ලිමේන්තුවට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ සැකකටයුතු කාන්තාවක් ජයන්තිපුර ප්‍රධාන පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවාය. 02 September 2022
ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ වැඩි වාසි තිබෙන්නේ ශ්‍රීලනිපයටයි රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්රමුඛ සන්ධානයකට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 02 September 2022
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමක් ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් පල්ලියක යාච්ඤාවක් අතරතුර අද(02) සිදු වූ පිපිරීමකින් 21 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය. 02 September 2022
අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද 115 කින් සම්මත විය. 02 September 2022
සති අන්තයේ විදුලි කප්පාදුව පැයකට අඩුවෙයි විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් හෙට (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර දුන් බව එහි සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය. 02 September 2022
ගෝඨා හෙට එයි: විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 02 September 2022
රනිල්ට නැති අනිත් නායකයන්ට ඇති දෙයක් හරීන් කියයි අපේ රටෙි නායකයන්ට ’’කෙලවුන’’තැන වැඩක් බාරදී ඒ වැඩේට ඇඟිලි ගැසීම යැයිද රනිල් වික්‍රමසිංහ ළඟ ඒ ලක්ෂණය නැතැයි ද ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 02 September 2022
පා. මන්ත්‍රී ගයාෂාන්ගෙන් පෙත්සමක් තමන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 02 September 2022
ඩලස් කණ්ඩායමෙන් අයවැයට සහාය නෑ ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතුරු අයවැය ඡන්දයේදී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 02 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025