(නිමල කොඩිතුවක්කු)


දේශපාලන හිතවතුන් සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව අධිවේගී මාර්ග බලපත්‍ර 35ක්  ලබාදීමට කටයුතු කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇති මෙම අධිවේගී මාර්ග බලපත්‍ර හේතුවෙන් රජයට වසරකට රුපියල් කෝටි තුන්සියයකට වඩා පාඩුවක් සිදුවන බවත් විජේරත්න මහතා කීවේය.

මෙම අධිවේගී මාර්ග බල පත්‍ර වලින් වැඩි ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව ලබාදී ඇති බවත් ඇඹිලිපිටිය - කොළඹ, මාතර - ත්‍රිකුණාමලය, ගාල්ල - අරුගම්බේ ආදි මාර්ග වල එම  බස් රථ ධාවනය වෙන බවත් ඔහු පැවසීය.


මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ගැමුණු විජේරත්න මහතා තවදුරටත් කීවේය.