ආර්.එම්.වී. විද්‍යුත් කාඩ්පත් හඳුන්වා දෙයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් (ආර්.එම්.වී.)ලබා ගන්නා සේවා සඳහා විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව අද (5) සිට ආරම්භ කළ බව රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය. 05 September 2022
අය වැය යෝජනා හරියට වෙනවාදැයි ’’ඔත්තු’’ බලන්න කමිටුවක් අතුරු අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් කමිටුවක් පත් කර තිබේ. 05 September 2022
සාපෙළ ප්‍රායෝගික පරික්ෂණ දින පහකින් පස්සට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 20 වැනි දා ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි. 05 September 2022
ලීස් ට්‍රස් මහා බ්‍රිතාන්‍ය අගමැති පුටුවට මහා බි්රතාන්යයේ නව අග්‍රාමාත්‍ය ධුරය එරට විදෙස් ඇමැතිනී ලිස් ට්‍රස් දිනා ගත්තාය. 05 September 2022
බදියුදීන්ගේ පෙත්සම ජනවාරියට කල් යයි නිතීවිරෝධී අන්දමින් එළි පෙහෙළි කළ විල්පත්තු ආශ්රිත කැලෑ යළි තම පෞද්ගලික වියදමින් වගාකිරීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචනාධිකරණයෙන් ලබාදී තිබූ තින්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ගොනුකරනු ලැබ තිබූ අභියාචනය ලබන ජනවාරි මස 19 වැනිදා සළකා බැලිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දින නියම කළේය. 05 September 2022
ඇළේ සිරවූ පාසල් සිසුවා මරුට ජලය පිරුණු බෝක්කුවකට ඇද වැටී පැයකට ආසන්න කාලය සිරවී සිටි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයා මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 05 September 2022
චීනයට භූමි කම්පාවක්:13ක් මරුට චීනයේ සිචුවාන් පළාතේ සිදුවූ භූ චලනයකින් 13 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 05 September 2022
පොල් මණ්ඩලයේ අර්ථ සාධකයට විද්ද කලමනාකාරිය,සැමියා යළි රිමාන්ඩ් පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් වංචා කළැයි කියන එම මණ්ඩලයේ විෂය ලිපිකාරිණීය සහ ඇගේ ස්වාමිපුරුෂයා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (05) නියෝග කළාය. 05 September 2022
ග්ලයිෆොසේට් ආනයනයට අවසර දෙන ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට හෙට (6) ඉදිරිපත් කෙරේ. 05 September 2022
පවුල් 61,000කට මසකට 10,000 දීමනාවක් පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පවසයි. 05 September 2022
විදුලි කප්පාදුව පැයකට අඩු වෙයි විදුලි කප්පාදුව හෙට (6) සිට පැයක් දක්වා අඩුකළ බවත් එම විදුලි කප්පාදුව මේ මස 9 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 September 2022
’’ඩග්ලස් මුන්රෝ’’ කොළඹ බලා පිටත් වෙයි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂයක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව පෙරේදා (03) ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට එහි නව නිවහන වන කොළඹ වරාය බලා පිටත් වු බව නාවික හමුදාව පවසයි. 05 September 2022
’’නිදහස් පක්ෂයේ ප්රජාතන්ත්රවාදය මරලා’’ නිදහසින් පසු මෙරට වැඩිම ප්රජාතන්ත්රවාදයක් තිබූ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රජාතන්ත්රවාදය මේ වන විට මරාදමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (5) පැවසුවාය. 05 September 2022
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගං වතුර අනතුරු ඇඟවීමක් ඉදිරියේදීත් තද වැසි ඇති වුවහොත් ඇතැම්ගංගා ආශ්‍රිතව ගං වතුර අවධානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 05 September 2022
යුද සමයේ ඉන්දියාවට ගිය ලාංකිකයන් කඩිනමින් ගෙන්වා ගන්න කමිටුවක් යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 05 September 2022
මහ වැස්සේ බසයකට ඉඩ දෙන්න ගිය සිසුවා බෝක්කුවක හිර වෙයි කුරුණෑගල ප්‍රදේශයට අද දවසපුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ගිය බෝක්කුවකට ඇද වැටීමෙන් එහි සිරවී සිටි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු අනතුරට ලක්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 05 September 2022
ජනපති මැඳුරට පැන්න අරගලකරුවෝ 37 ක් මේ දක්වා අත්අඩංගුවේ කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු වී එහි දේපළ වලට හානි කිරීම සහ අයුතු ජනරාශිය සම්බන්ධයෙන් හදුනාගෙත් සැකකරුවන් 71 දෙනෙකුගේ 37 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 05 September 2022
අරගල භූමියෙන් ඇහිලූ බව කියන උණ්ඩ සමග අයෙක් සැකපිට ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව පවසමින් ටී 56 ජීව උණ්ඩ 30 ක් සහිත මැගසීනයක් පානදුර උතුර පොලිසියට බාරදීමට ආ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 05 September 2022
මෙරට දරුවන්ගේ මන්දපෝෂණය ගැන දින දෙකක විවාදයක් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (6) සහ අනිද්දා (7) පැවැත්වේ. 05 September 2022
2015 මිලට ගත් වී තොගයක් අරලගංවිල ගබඩාවක දිරයි 2015 යළ කන්නයේ මිලදී ගත් වී කිලෝ 65,000ක අධික තොගයක් අරලගංවිල ගබඩාවක දිරාපත්වන බව මහවැලි බී කලාප ගොවි සංවිධානය කියයි. 05 September 2022
නව ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය විවෘත කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ පක්ෂ මූලස්ථානය විවෘත කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ දී අද (05) පෙරවරුවේ සිදුකෙරිණි. 05 September 2022
ශිෂ්‍යත්වයට - උසස් පෙළට දින නියම වෙයි 2022 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 4 වැනි දා පැවැත්වෙන අතර අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් 5 වැනි දා ආරම්භ වන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි. 05 September 2022
මහජන පෙත්සම් සභාවේ සභාපති තනතුර යළිත් ජගත් පුෂ්පකුමාරට නවවෙනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා යළිත් තේරී පත්විය. 05 September 2022
’’අද ඔක්කොම කරන්නේ කපුටා’’ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමේ උත්සාහයක් යළි ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 05 September 2022
පානදුර සභාව දිවුලපිටිය සභාවෙන් ගත්ත පොල්වලට පොල්ලක් කොරෝනා වසංගතය ව්‍යාප්තවන සමයේ පානදුරයේ ජනතාවට සහන සැලසීම සදහා පානදුර ප්‍රාදේශීය සභාව ලබාගත් පොල් තොගයක් සදහා වූ රුපියල් ලක්ෂ හතකට වැඩි මුදල මෙතෙක් නොගෙවීම නිසා දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් විගණන ගැටළුවකට මුහුණ දී ඇති බව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් විය. 05 September 2022
ලිට්රෝ ගෘහස්ථ ගෑස් රුපියල් 113 කින් පහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. 05 September 2022
පොහොර නැවේ හබයේ දී ’’යාලුකම’’ රකින වගකීම විදේශ අමාත්‍යාංශයට චීන පොහොර නැව සම්බන්ධව ගැටළුවේ දී දෙරට මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා ක්‍රියාවලියක් සැකසීම විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 September 2022
බ්‍රිතාන්‍යයට අද අලුත් අගමැතිවරයෙක් මහා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම අද (5) සිදුවෙයි. මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. 05 September 2022
අදත් තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) ත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 September 2022
ජනේලය පිරිසිදු කළ අයකු තට්ටු 12 මහලෙන් බිමට වැටී මරුට වැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. 05 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025