’’වී මිලදී ගන්න සල්ලි ලැබිලා නෑ’’ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. 07 September 2022
තොන්ඩුවට අසුවන සතුන් බේරගන්න වනජීවීයෙන් ’’දැලක්’’ කඳුකර කොටි හා වෙනත් සතුන් මදුවලට හසු වු අවස්ථාවල දී මුදාගැනීම සඳහා විශේෂ දැලක් අත්හදා බැලූ බවත් එම අත්හදා බැලීමෙි කටයුතු සාර්ථක බවත් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 07 September 2022
සඟවා තිබූ පාසල් බස් රථ 80 ක් කඩිනමින් ධාවනයට රාජ්‍ය අයිතිය සහිත සමාගමක් වන ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද බස් රථ 80 ක් වසර 7 කට පෙර ආනයනය කළ ද ඒවා මිලදීගැනීමට අනුමැතිය නොලැබීමෙන් වසර හතක් තිස්සේ ධාවනයට යොදවා නොමැති බවත් ඒවා හැකි ඉක්මනින් ධාවනයට යෙදවීමට කටයුතු කරන බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 September 2022
මෙරට ආර්ථිකය කඩාවැටීමට හේතුව මිෂෙල් බැචලේ කියයි මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්වලට දඩුවම්දීමේ ක්‍රමයක් නොමැති වීම ,ආර්ථිකයට සිදුකළ අපරාධ සහ වංචා දුෂණය ශ්‍රී ලංකාව කඩා වැටීමට මුල් වූ කරුණු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළාය. 07 September 2022
වංචනික කිව්.ආර්. කේතයන්ට වැට බඳියි එළඹෙන සතියේ සිට ඉන්ධන ලබාගැනීමේදී නිකුත් කරන කෙටි පණිවුඩයට ඉන්ධන ලබාගත් පිරවුම්හලේ අංකය ද ඇතුලත් කරන බවත් කිව්.ආර්. කේතය වංචනිකව භාවිතා කිරීම වැලැක්වීමට එමගින් හැකිවන බවත් විදුලිබල හා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 07 September 2022
ඝාතන කොන්ත්‍රාත්කරුවෙක් වසර නවයකට පසු මාට්ටු දෛනිකව පොලියට මුදල් ලබාදීමේ රැකියාවේ නියුතු පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන පුද්ගලයකු වසර නවයකට පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 07 September 2022
විවෘත කළ සැණින් කොංගෝ පාලම කඩා වැටේ අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ පාලමක් බලධාරීන් විසින් විවෘත කරනු ලැබූ සැණින් කඩා වැටුණු බව පැවැසෙයි. 07 September 2022
වසර හයකට සෞදියෙන් ණයට තෙල් වසරකට ඇමෙරිකා ඩොලර් බිලයන 6ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ. 07 September 2022
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ඇමරිකාවේ සහාය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගතකරණය කිරීම සඳහා සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් (Janet Yellen) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත. 07 September 2022
ශ්‍රී ලංකාව කෝටි 1000ක් ණය වෙලා ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 85 සිට 100 දක්වා පරාසයකට අයත් වන බවත් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය තිරසර මට්ටමකට ගෙන ඒම සඳහා චීනය,ඉන්දියාව,ජපානයට මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන්ටද ගෝලීය වත්කම් කළමනාකරුවන්ටද පාඩු විඳ දරා ගැනීමට සිදුවන බවත් රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය. 07 September 2022
බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමාසහිත බව පිළිගන්නවා බංකොලොත් රටක බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමා සහිත යැයි පිළිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 September 2022
අහංගම මුහුදු වෙරළේ මළසිරුරක් අහංගම වැල්හේන්ගොඩ මුහුදු වෙරළේ පාවෙමින් තිබූ මළසිරුරක් අද (7) උදේ හමුවී ඇතැයි අහංගම පොලිසිය පවසයි. 07 September 2022
මත් උවදුර මඩින්න සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමෙි පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 September 2022
මහ ගෙදරට ආවෙි ඉන්නමයි මහ ගෙදරට ආවේ ආපහු යන්න නොව ඉන්නම යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 07 September 2022
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් ග්ලයිෆොසේට් වල්නාශක තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 September 2022
අදත් පළාත් කිහිපයකට වැසි සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 September 2022
අරලිගහ මැදුරට බලෙන් පැන්න තව තුනක් මාට්ටු අරලියගහ මන්දිරයට ඉකුත් දා බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 07 September 2022
ලක්ෂ ගණනක භාණ්ඩවලට විද්ද කුඩ්ඩෙක් මාට්ටු යතුරු පැදි දෙකක් පාපැදි පහක් ඇතුලු රුපියල් ගණනක් වටිනා ගෟහ උපකරණ රැසක් සොරකම් කර පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු බුලත්සිංහල මොරවකවත්ත කැලෑවේ වාඩියක සැඟවී සිටියදි අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 07 September 2022
දෙහිවල සතුන් වත්තේ ’’කෙල්ල’’ මියයයි දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ බෙංගාල ව්‍යාග්‍ර පැටවුන් තිදෙනාගේ මව වන ’’කෙල්ල’’ නැමති ව්‍යාග්‍ර ධේනුව මියගොස් ඇත. 07 September 2022
ආණ්ඩුවේ පිරිසකගේ නව අගමැතිවරයකු ගැන බලා පෙරොත්තුවක් මීළඟ අයවැයට පෙර කිරීමට නව අගමැතිවරයකු පත් කිරීමට ආණ්ඩුවේ ඇතැමුන් තම කණ්ඩායමෙන් සහාය ඉල්ලා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය. 06 September 2022
පුත්තලම කලපු තීරයේ කොටසක ගොඩකරලා පුත්තලම කලපු තිරයට අයත් කරඹ ප්‍රදේශයේ ඕඩය (තරව) ව්‍යාපාරිකයකු කඩොලාන ශාඛ කපා බොරළු දමා ගොඩකරන බව පරිසරවේදිහු චෝදනා කරති. 06 September 2022
ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වර්තාව නිකුත් වෙයි අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. 06 September 2022
රට ගොඩනගන දෙවන අරගලය අරඹනවා පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය ආරම්භ කරන බව ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් අද (6)පැවසීය. 06 September 2022
70 සබන් කැටේ මිල වෙනස් කර 170 ට විකුණලා රුපියල් 70 ක මිල සඳහන් කර තිබූ රෙදි සෝදන සබන් කැටයක මිල මකා දමා රුපියල් 170 ක මිලකට අලෙවි කළ මීරිගම ප්‍ර දේශයේ වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පවසයි. 06 September 2022
බලපත් නැති ඒජන්සිකරුවෙක් විදෙස් මුදල් එක්ක පොලිස් දැලේ මහබැංකු නීති උල්ලංඝනය කරමින් බලපත්‍ර නොමැතිව පිටකොටුවේ සංචාරක ඒජන්සියක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයකු සතුව තිබු රුපියල් ලක්ෂ 20 ට අධික මුදලක් අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 06 September 2022
22 ව්‍යවස්ථා සංශෝධනය: ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සම්මත කළ යුතුයි විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (6) දැනුම් දුන්නේය. 06 September 2022
විපක්ෂයේ ඉඳගත් මන්ත්‍රීවරු අදහස් දක්වන්න කාලය ඉල්ලති තමන්ට මැතිසබයේ අදහස් දැක්වීමට කාලය වෙන්කර දෙන්නැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මෑතකදී අසුන්ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13 දෙනා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඊයේ (6) පෙරවරුවේ හමුවී ඉල්ලීමක් කළහ. 06 September 2022
මෝටර් රථ අමතර කොටස් සීඝ්රයෙන් ඉහළට යතුරුපැදි, ත්‍රී රෝද රථ, මෝටර් රථ, බස්රථ ආදි රථ වාහන වල ලිහිසි තෙල්, ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් දරාගැනීමට නොහැකි ලෙස සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව චෝදනා කරති. 06 September 2022
මඟුල් ගෙදර ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්සවලා වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ. 06 September 2022
අනුරගේ විරෝධයෙන් බදු පනත කල් යයි පාර්ලිමේන්තුවට අද (06) ඉදිරිපත් කෙරුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ විරෝධතාව හේතුවෙන් හෙට (07) දක්වා කල් තැබීමට ආණ්ඩු පක්ෂයට සිදු විය. 06 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025