සති අන්තයේ විදුලි කප්පාදුව පැයකට අඩුවෙයි විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් හෙට (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර දුන් බව එහි සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය. 02 September 2022
ගෝඨා හෙට එයි: විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 02 September 2022
රනිල්ට නැති අනිත් නායකයන්ට ඇති දෙයක් හරීන් කියයි අපේ රටෙි නායකයන්ට ’’කෙලවුන’’තැන වැඩක් බාරදී ඒ වැඩේට ඇඟිලි ගැසීම යැයිද රනිල් වික්‍රමසිංහ ළඟ ඒ ලක්ෂණය නැතැයි ද ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 02 September 2022
පා. මන්ත්‍රී ගයාෂාන්ගෙන් පෙත්සමක් තමන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 02 September 2022
ඩලස් කණ්ඩායමෙන් අයවැයට සහාය නෑ ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතුරු අයවැය ඡන්දයේදී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 02 September 2022
ජැකලීන්ට නොතීසි සුකේෂ් චන්ද්‍රශේකර්ගේ අපරාධ සම්බන්ධව නොදැන සිටිය බවට ශ්‍රී ලංකා සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් කළ ප්‍රකාශය අසත්‍ය බවත් ඇය චන්ද්රශේකර්ගෙන් අඛණ්ඩව මූල්‍ය වරප්‍රසාද භුක්ති විඳ ඇති බවත් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකයේ චෝදනා පත්‍රයේ සඳහන් වන බව එන්.ඩී.ටී පුවත් සේවය වාර්තා කළේය. 02 September 2022
අර්ජුන ඇලෝසියස්ට ලක්ෂ 225ක ඇපයක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි එම සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ජිනේන්ද්‍ර ජෝන් යන අයවලුන් අයකුට රුපියල් ලක්ෂ 225 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අද (02) නියෝග කළේය 02 September 2022
තරුණියගේ මරණයට සජබ ආසන සංවිධායක රිමාන්ඩ් සමගි ජන බලවේගයේ කෑගල්ල කාර්යාලයේදී තරුණියකට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කෑගල්ල ආසන සංවිධායකවරයා සැප්තැම්බර් 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය. 02 September 2022
අල්ලස් ගත්තැයි කී සාජන් නිදොස් කොට නිදහස් බුරුත ගසක් කැපීමට අවසර ලබාදීම සඳහා රුපියල් 12,000/- ක අල්ලසක් ගත් බවට චෝදනා ලැබ සිටි හොරොව්පතාන පොලිසියේ පොලිස් සැරයන්වරයා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියම කළේය. 02 September 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනයට අනුමැතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධන කිරීම සඳහා එහි සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය ද අද (2) හිමිවිය. 02 September 2022
ලංකාවට සහය දෙන බව එක්සත් රාජධානිය පවසයි ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව ලංකාවට සහාය දැක්වීමට එක්සත් රාජධානිය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පණිවුඩයක් එවමින් බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි. 02 September 2022
වී ගන්න වෙන් කළ මුදල පරණ ණයකට හිලව් කළ පලහිලව්ව විසඳෙයි වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගත් යල කන්නයේ වී තොග සඳහා ගොවීන්ට ගෙවීමට තිබු රුපියල් මිලියන 250 ක මුදල අද දින මුදා හළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 02 September 2022
බැසිල්ට රට යන්න අවසර හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 15 වනදා දක්වා අතර කාලය තුළදී විදෙස්ගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසර ලබා දුන්නේය . 02 September 2022
ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය ජෙට්ඉන්ධන ප්‍රමාණවත් නැහැ කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණෙන හා පිටව යන ගුවන්යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ජෙට් ඉන්දන ප්‍රමාණවත් නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 September 2022
මොන සුර ලොවින් ලැබුණ ද මේ මැණික් ටික පුත්තලම රෝහලේ දී සිවු නිවුන් දරු උපතක් සිදු වූ බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 02 September 2022
කොහාගෙ බිත්තර කන්න එන නයි පොළොඟුන්ට කොටනවා කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි. ඒ බිත්තර කන්න එන නයි පොළොන්ගුන්ට කොටනවා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද (2) පැවසීය. 02 September 2022
ජනතාවට තොරතුරු ගන්න ජනපති කාර්යාලයෙන් දුරකථන අංක දෙයි සේවා ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතන වලට එන ජනතාවට කාර්යක්ෂම කඩිනම් සේවයක් සැපයීම අනිවාර්ය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට අද දැනුම් දුන්නේය. 02 September 2022
කොළඹ ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ ගණනාවක 40 ක පමණ හිඟයක් පවතින බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය මහතා පැවසීය. 02 September 2022
රට ගොඩ ගතහැකි ක්‍රමය අනුර හෙලි කරයි ආණ්ඩුව ,පෞද්ගලික අංශය,ගොවි ජනතාව විදෙස්ගත ජනතාව ආදී සියලුම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවොත් වසර දෙක තුනෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා (ජාජබ)පැවසීය. 02 September 2022
අයවැය ඡන්ද විමසීම අද සවස අයවැය විසර්ජන පනත් කෙටුම්පත (අතුරු අයවැය) ඡන්ද විමසීම අද පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතය. 02 September 2022
අය වැය ගැන ස.ජ.බ ගත් තීරණය අයවැය විසර්ජන පනත් කෙටුම්පතට (අතුරු අයවැය) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. 02 September 2022
ගොර්බචොව්ගේ අමංගල්යයට පුටින් නෑ අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ගේ අවමංගල උත්සවයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කරයි. 02 September 2022
රජයේ සේවක විශ්‍රාම වැටුපටත් තට්ටු කරන්න හදනවා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදා රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් තට්ටු කරන්න හදන බව සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 02 September 2022
’’නන්දලාල් වෙනුවෙන් මම ගෙදර යන්නම්’’ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කිරීමට අවශ්‍ය නම් ඔහු වෙනුවෙන් තමා ඉවත්වීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය. 02 September 2022
දරුවාගේ අනාගතය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය කිරීම වරදක් තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් එය බලවත් වරදක් බව මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 September 2022
ලිට්රෝ මිල යළි අඩුවෙයි? ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල ලබන සදුදා (5 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් අඩු කිරීමට නියමිත බවත් නව මිල ගණන් පසුව දැනුම් දෙන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (2) පෙරවරුවේ පැවසීය. 02 September 2022
රැජින පීලිපනී - ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනවට බාධා අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍ර ගාමි දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවත් මගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තා වේ. 02 September 2022
හැටෙන් විශ්‍රාම යැවීම වෘත්තීන් කිහිපයකට අදාල නෑ සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. 02 September 2022
දමනය කළ යුත්තේ අරගලය නොව උද්ධමනයයි දමනය කළ යුත්තේ අරගල කළ ජනතාව නොව උද්ධමනය බව පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 September 2022
මිද්දෙනිය වෙඩි තැබීමකින් අයෙක් මරුට මිද්දෙණිය සතොස් මාතාගම ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 02 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025