රාජ්‍ය ආයතන වෙත ලිපි එවීමේදී දුරකතන අංකයක් සටහන් කරන්නැයි දැනුම්දීමක්
කිසියම් අවශ්‍යතාවයක් වෙනුවෙන් අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන වෙත ලිපි යොමු කිරීමේදී යොමුකරන්නාගේ ලිපිනය සමඟ දුරකතන අංක (ස්ථාවර හා ජංගම), වට්ස්ඇප් අංකයක්, විද්‍යුත් තැපැල් ලිපිනයක් (ඊමේල්) ද සඳහන් කර එවන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දීමක් කරයි.