(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම ගුවන් හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊට අදාල සැලසුම් රජයේ 25 වසරක සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙන බව ද ආසියා කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස් කම් සැලකිල්ලට ගනිමින් මෙි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “කොළඹ - උතුරු වරාය 30 අවුරුදු සංවර්ධන සැලැස්ම” එළිදැක්වීමේ උත්සවයේදී ය.කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ජාතික සංවර්ධන සැලැස්මට අනුව නැගෙනහිර බහලුම් පර්යන්තය සහ බටහිර බහලුම් පර්යන්තයේ සංවර්ධනය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර 2030 වන විට මෙම ව්‍යාපෘති සම්පූර්ණයෙන් නිම කිරීම අපේක්ෂාවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරලා ඉවරවෙලා පම්පෝරි ගහන්න. හොඳටම කරේ දරුවා වඩාගෙන වැල්පාලමේ යන එක විතරයි...
ඔව් ඔව් ලංකාව ආසියාවේ හොඳම දේවල් වලින් පිරුණු රටක් කරන්න හදන්නේ... ලෝකෙම දූෂිත දේශපාලඥයෝ. කරන්න පුළුවන් වෙයිද?
අවුරුදු ගාණක් අගමැති වෙලා ඉඳලා මොකද කෙරුවේ?
ආසියාවේ හොඳම එක නම් අපිට මදි පිනෝ, ලෝකෙන්ම හොඳම එක කරන්න.
ආසියාවේ හොඳම එක නම් අපිට මදි පිනෝ, ලෝකෙන්ම හොඳම එක කරන්න.
කරන හැටි බලන්න බැරියැ. කලින් හිටපු අයත් ඔය වගේ සුරංගනා කතා කිව්වා. මහින්ද චින්තනය, දැනුමේ කේන්ද්‍රස්ථානය, තාරුණ්‍යයට හෙටක්, ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම, අන්තිමට කරපු මගුලක් නැහැ. බලයට එන්න ජනතාව රවට්ටපු එක විතරයි සිද්ද වුනේ?
අගමැතිකම.... කීපාරක් කෙරුවද?... ඒ කාලේ රට හොඳට තිබුණා. එතකොට කෙරුවේ රට හොරා කාපු එක... දැන් රට බංකොළොත්... මෙයා අහස් මාලිගා තනනවා. නාකි නඩේ හිතන් ඉන්නේ ජීවිත කාලය කියන්නේ අවුරුදු දෙසීයක් විතර ජීවත් වෙන්න පුළුවන් කියලා... මේ නඩේ විතරක් නොමැරෙන ගාණට ඉන්නේ... කට්ටියම වලපයයි ගොඩපයයි. මුළුරට උගස් කරලා අනිත් ටික වටවෙලා බෙදාගෙන කාලා. දැන් මොනවා රකින්නද? නාකි මයිනා රැකගෙන ඉන්න. මහ ලොකු උගතා. ආයතන උගස්කරන් කාලා ලෝකෙට පොල් කට්ට අල්ලනවා හිඟාකන්න. මොවුන්ට ලොකු වීරකමක්... ලෝකෙන් ණය ඉල්ලනවා කියන්නේ... මොවුන්ගේ නූගත්කම එතැනින් පෙන්වන්නේ...
යහපාලනේ කාලේ කුරුණෑගල වොක්ස්වැගන් කාර් කම්පැනි දැම්මා වගේද?
මෙයා ඕවා කරනකන් ජනතාව ඉඳගෙන බලාගෙන ඉන්න හොඳේ...