(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම ගුවන් හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊට අදාල සැලසුම් රජයේ 25 වසරක සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙන බව ද ආසියා කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස් කම් සැලකිල්ලට ගනිමින් මෙි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “කොළඹ - උතුරු වරාය 30 අවුරුදු සංවර්ධන සැලැස්ම” එළිදැක්වීමේ උත්සවයේදී ය.කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ජාතික සංවර්ධන සැලැස්මට අනුව නැගෙනහිර බහලුම් පර්යන්තය සහ බටහිර බහලුම් පර්යන්තයේ සංවර්ධනය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර 2030 වන විට මෙම ව්‍යාපෘති සම්පූර්ණයෙන් නිම කිරීම අපේක්ෂාවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘ලංකාව ආසියාවේ හොඳම ගුවන් ,නාවික කේන්ද්‍රය කරනවා‘
පිටිගල මිලානෝ Sunday, 23 April 2023 01:39 PM
කරලා ඉවරවෙලා පම්පෝරි ගහන්න. හොඳටම කරේ දරුවා වඩාගෙන වැල්පාලමේ යන එක විතරයි...
Bamunuarachchi Sunday, 23 April 2023 02:25 PM
ඔව් ඔව් ලංකාව ආසියාවේ හොඳම දේවල් වලින් පිරුණු රටක් කරන්න හදන්නේ... ලෝකෙම දූෂිත දේශපාලඥයෝ. කරන්න පුළුවන් වෙයිද?
Kumara Sunday, 23 April 2023 02:36 PM
අවුරුදු ගාණක් අගමැති වෙලා ඉඳලා මොකද කෙරුවේ?
sweneMonday, 24 April 2023 01:47 PM
බලාපොරොත්තු ගැන කයිය ගහන්න දෙවියා. වොක්ස්වැගන් ෆැක්ටරිය අමතකද?
kamal Sunday, 23 April 2023 02:46 PM
ආසියාවේ හොඳම එක නම් අපිට මදි පිනෝ, ලෝකෙන්ම හොඳම එක කරන්න.
kamal Sunday, 23 April 2023 02:46 PM
ආසියාවේ හොඳම එක නම් අපිට මදි පිනෝ, ලෝකෙන්ම හොඳම එක කරන්න.
ගමේ එකාලා Sunday, 23 April 2023 04:09 PM
කරන හැටි බලන්න බැරියැ. කලින් හිටපු අයත් ඔය වගේ සුරංගනා කතා කිව්වා. මහින්ද චින්තනය, දැනුමේ කේන්ද්‍රස්ථානය, තාරුණ්‍යයට හෙටක්, ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම, අන්තිමට කරපු මගුලක් නැහැ. බලයට එන්න ජනතාව රවට්ටපු එක විතරයි සිද්ද වුනේ?
Chathuri Monday, 24 April 2023 01:46 AM
අගමැතිකම.... කීපාරක් කෙරුවද?... ඒ කාලේ රට හොඳට තිබුණා. එතකොට කෙරුවේ රට හොරා කාපු එක... දැන් රට බංකොළොත්... මෙයා අහස් මාලිගා තනනවා. නාකි නඩේ හිතන් ඉන්නේ ජීවිත කාලය කියන්නේ අවුරුදු දෙසීයක් විතර ජීවත් වෙන්න පුළුවන් කියලා... මේ නඩේ විතරක් නොමැරෙන ගාණට ඉන්නේ... කට්ටියම වලපයයි ගොඩපයයි. මුළුරට උගස් කරලා අනිත් ටික වටවෙලා බෙදාගෙන කාලා. දැන් මොනවා රකින්නද? නාකි මයිනා රැකගෙන ඉන්න. මහ ලොකු උගතා. ආයතන උගස්කරන් කාලා ලෝකෙට පොල් කට්ට අල්ලනවා හිඟාකන්න. මොවුන්ට ලොකු වීරකමක්... ලෝකෙන් ණය ඉල්ලනවා කියන්නේ... මොවුන්ගේ නූගත්කම එතැනින් පෙන්වන්නේ...
PODDA Monday, 24 April 2023 08:27 AM
යහපාලනේ කාලේ කුරුණෑගල වොක්ස්වැගන් කාර් කම්පැනි දැම්මා වගේද?
Perera Monday, 24 April 2023 10:27 AM
මෙයා ඕවා කරනකන් ජනතාව ඉඳගෙන බලාගෙන ඉන්න හොඳේ...