IMG-LOGO

ආරවුල විසදන්න ගිය අයි.පි.ගුටි කා රෝහලේ

(ආර්.එෆ්.එම්.සුහෙල් )

නුවරඑළිය වසන්ත සැනකෙළියට සමගාමිව ග්‍රෙගරි වැව අසල ඉදි කර තිබෙන සුරා සැලක ඇතිවූ කාලගෝට්ටියක් බේරීමට ගිය පොලිස් පරීක්ෂක වරයෙකු බීමතින් සිටි පුද්ගලයන්ගෙන් පහර කෑමට ලක්වී නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව නුවරඑළිය පොලිසිය පවසයි ,

මෙලෙස පහර කෑමට ලක්ව රාජකාරි කටයුතු නිමකර රාත්‍රි ආහාර ලබා ගැනීම සඳහා සුරා සැල අසල පිහිටි ආපන ශාලාවට ගමන් කරමින් සිටි නුවරඑළිය පොලිස් ස්ථානයට අනුයුක්තව කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙක් බවත්  පහරකෑමෙන් මුහුනේ සහ ස්ථාන කිහිපයක තුවාල සිදුවී ඇති බවත්  පොලිසිය සදහන් කරයි .

පහර කෑමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා රාජකාරි අවසන් කර නිලඇඳුමින් නොසිටි බැවින් ඔහු පොලිස් නිලධාරියකු බව හඳුනා ගැනීමට නොහැකිව සැකකරුවන් පහර දී ඇති බවද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධව පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් කොළඹ කොළඹ-කුරුණෑගල සහ මහනුවර පදිංචිකරුවන් බවද නුවරඑළිය පොලිසිය කියයි.

 

 



අදහස් (1)

ආරවුල විසදන්න ගිය අයි.පි.ගුටි කා රෝහලේ

Pradeep Kumara Sunday, 23 April 2023 05:03 PM

ඉස්සරනම් පොලිස් පරීක්ෂක වරුන්ට ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුන කිරීමට අවශ්‍ය වුනා. නමුත් දැන් එහෙම නැති බවක් තමයි පේන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site