(ආර්.එෆ්.එම්.සුහෙල් )
නුවරඑළිය වසන්ත සැනකෙළියට සමගාමිව ග්‍රෙගරි වැව අසල ඉදි කර තිබෙන සුරා සැලක ඇතිවූ කාලගෝට්ටියක් බේරීමට ගිය පොලිස් පරීක්ෂක වරයෙකු බීමතින් සිටි පුද්ගලයන්ගෙන් පහර කෑමට ලක්වී නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව නුවරඑළිය පොලිසිය පවසයි ,
මෙලෙස පහර කෑමට ලක්ව රාජකාරි කටයුතු නිමකර රාත්‍රි ආහාර ලබා ගැනීම සඳහා සුරා සැල අසල පිහිටි ආපන ශාලාවට ගමන් කරමින් සිටි නුවරඑළිය පොලිස් ස්ථානයට අනුයුක්තව කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙක් බවත් පහරකෑමෙන් මුහුනේ සහ ස්ථාන කිහිපයක තුවාල සිදුවී ඇති බවත් පොලිසිය සදහන් කරයි .
පහර කෑමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා රාජකාරි අවසන් කර නිලඇඳුමින් නොසිටි බැවින් ඔහු පොලිස් නිලධාරියකු බව හඳුනා ගැනීමට නොහැකිව සැකකරුවන් පහර දී ඇති බවද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධව පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් කොළඹ කොළඹ-කුරුණෑගල සහ මහනුවර පදිංචිකරුවන් බවද නුවරඑළිය පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරනම් පොලිස් පරීක්ෂක වරුන්ට ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුන කිරීමට අවශ්‍ය වුනා. නමුත් දැන් එහෙම නැති බවක් තමයි පේන්නේ.