
ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ඊයේ(22) සිය නිල නිවසෙන් ඉවත්ව තිබේ.
ඉන්දියානු ජනතාව තමාට ජීවත් වීම සඳහා මෙම බංගලාව වසර 19 ක කාලයක් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් බංගලාවෙන් ඉවත් වීමට සිදුවූයේ සත්‍ය කතා කිරීම වෙනුවෙන් ගෙවීමට සිදු වූ වන්දියක් ලෙස බවත් බංගලාවෙන් පිටවීම සඳහා සිය මෝටර් රථයට නැගීමට ප්‍රථම මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
සත්‍ය කතා කිරීම වෙනුවෙන් ඕනෑම වන්දියක් ගෙවීමට තමන් සුදානම් බවද රාහුල් ගාන්ධි පවසා තිබේ.
රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ධුරය අහෝසි වී දින දෙකක් ගතවෙත්ම ඔහු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම හේතුවෙන් 2004 වසරේදී හිමි වූ නිල බංගලාවෙන් අප්‍රේල් 22 ට ප්‍රථම ඉවත් වන ලෙස ලොක් සභා නිවාස මණ්ඩලය දැනුම් දී තිබිණ.
සාපරාධී අපහාස නඩුවකට වරදකරු වී වසර දෙකක සිර දඬුවමක් නියම වීම හේතුවෙන් රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි වූ බව ලොක් සභා ලේකම් කාර්යාලය පසුගිය මාර්තු මස 24 වැනිදා නිවේදනය කළේය.
රාහුල් ගාන්ධි 2004 වසරේ පැවැත්වූ මහ මැතිවරණය ජයග්‍රහණය කර මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වීමෙන් පසු මේ දක්වා ඔහුගේ නිවස මෙම රජයේ බංගලාව විය.ඉකුත් සෙනසුරාදා බංගලාව හිස් කිරීමෙන් අනතුරුව යතුරු නැවතත් ලොක් සභා නිවාස මණ්ඩලය භාර දී තිබේ.
තම මව සෝනියා ගාන්ධිගේ ජන්පත් හි පිහිටි නිවසට තාවකාලිකව පදිංචියට යන බව රාහුල් ගාන්ධි පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වගේම තමා.. වෙනස ඇත්ත කතාකලොත් හිරේ නැත්නම් පොලව යට.... හැමදාම සත්‍යය යටපත් කරන්න බැහැ...