IMG-LOGO

‘ඇත්ත කතා කරන්න බය නෑ‘

 

ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ඊයේ(22) සිය නිල නිවසෙන් ඉවත්ව තිබේ.

ඉන්දියානු ජනතාව තමාට ජීවත් වීම සඳහා මෙම බංගලාව වසර 19 ක කාලයක් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් බංගලාවෙන් ඉවත් වීමට සිදුවූයේ සත්‍ය කතා කිරීම වෙනුවෙන් ගෙවීමට සිදු වූ වන්දියක් ලෙස බවත් බංගලාවෙන් පිටවීම සඳහා සිය මෝටර් රථයට නැගීමට ප්‍රථම මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

සත්‍ය කතා කිරීම වෙනුවෙන් ඕනෑම වන්දියක් ගෙවීමට තමන් සුදානම් බවද රාහුල් ගාන්ධි පවසා තිබේ.

රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ධුරය අහෝසි වී දින දෙකක් ගතවෙත්ම ඔහු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම හේතුවෙන් 2004 වසරේදී හිමි වූ නිල බංගලාවෙන් අප්‍රේල් 22 ට ප්‍රථම ඉවත් වන ලෙස ලොක් සභා නිවාස මණ්ඩලය දැනුම් දී තිබිණ.

සාපරාධී අපහාස නඩුවකට වරදකරු වී වසර දෙකක සිර දඬුවමක් නියම වීම හේතුවෙන් රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි වූ බව ලොක් සභා ලේකම් කාර්යාලය පසුගිය මාර්තු මස 24 වැනිදා නිවේදනය කළේය.

රාහුල් ගාන්ධි 2004 වසරේ පැවැත්වූ මහ මැතිවරණය ජයග්‍රහණය කර මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වීමෙන් පසු මේ දක්වා ඔහුගේ නිවස මෙම රජයේ බංගලාව විය.ඉකුත් සෙනසුරාදා බංගලාව හිස් කිරීමෙන් අනතුරුව යතුරු නැවතත් ලොක් සභා නිවාස මණ්ඩලය භාර දී තිබේ.

තම මව සෝනියා ගාන්ධිගේ ජන්පත් හි පිහිටි නිවසට තාවකාලිකව පදිංචියට යන බව රාහුල් ගාන්ධි පවසා ඇත.

 

 



අදහස් (1)

‘ඇත්ත කතා කරන්න බය නෑ‘

දයානන්ද Sunday, 23 April 2023 05:18 PM

ලංකාවේ වගේම තමා.. වෙනස ඇත්ත කතාකලොත් හිරේ නැත්නම් පොලව යට.... හැමදාම සත්‍යය යටපත් කරන්න බැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 179 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 691 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1088 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site