(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රජයේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් ලෝකයේ ධන කුවේරයන්ට රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමේ වෙන්දේසියක් ක්‍රියාත්මක බවත් ලාභ ලබන ආයතන පවා විකුණා දමමින් දුටු දුටු දේ නියැලෙන ප්‍රතිපත්තියක රජය නිරතව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී අයි. එම්. එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
පාඩු ලබන ආයතන ලාභ ලැබීමටත් ලාභ ලබන ආයතන තවදුරටත් වැඩි ලාභයක් ලබන ආයතන ලෙස පරිවර්තනය කිරීමටත් නව මොඩලයක් අවශ්‍ය වුවත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ නිසි වැඩපිළිවෙළක් නොමැතිව රාජ්‍ය සම්පත් විකුණා දැමීම බවත් විපක්ෂ නායකවරයා කීවේය.
රාජ්‍ය සම්පත් විකුණා දැමීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අයි. එම්. එෆ්. ගිවිසුම රටට හිතකර ලෙස සකස් විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විපක්ෂයේ නායක මහත්තයෝ නිදහස අරගෙන අපි දැන් අවුරුදු 75 පසුකර තියෙන්නෙ රට එන්න එන්නම අගාධයකට යනවා කියලා පේන්නෙ නැද්ද නිදහස ලැබුනාට පස්සෙ මහලොකු සමාජවාදීන් කියාගන්නා පිස්සොත් එදා සිටම පුද්ගලික අංශය විනාශ කරන්නත් හැම දෙයක්ම රජයෙන්ම කරන්න කියලා දැන් වෘත්තීය සමිති කාරයො වගේ කෙළවරක් නැතුව අරගල කලා අහල ඇතිනේද ගල් ඔය ව්‍යාපාරය කරද්දී එක සමාජවාදියෙක් මැලේරියාව හදා මිනිස්සු මරණවා කියලා උද්ඝෝෂණ කලා කියලා උන්දැට තිබුනෙ පොතේ දැනුමක් විතරයි 56 දේශපාලනය ගත් මිනිහත් සිංහල විතරක් කරල අවුරුදු 30 කට ආසන්න යුද්ධයෙන් හා 71 හා 87-89 සමාජවාදීන් කියාගන්නා ජෙප්පො රට විනාශ කලා දැන් වෘත්තීය සමිති කාරයෝ රට කනවා ඔහේ කියන ආකාරයට රට හදන්න බැහැ රජය ව්‍යාපාර කිරීම නවතා ව්‍යාපාර වලින් බදු අරගෙන රට පාලනය කරන්න ඕන ඇත්තටම උන්නැහේ තමුන් බැරිවෙලා හරි ජනාධිපති වුනොත් දැනට රට අරාජික කරන මිස්ට තට්ටයා සහ සමාගම් කරන අලුගුත්තේරු වැඩ ගැන මොනවාද කියන්නෙ ඒවා ගැනත් කියන්න බලන්න බොරු ශෝබන එපා මහත්තයෝ