(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රජයේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් ලෝකයේ ධන කුවේරයන්ට රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමේ වෙන්දේසියක් ක්‍රියාත්මක බවත් ලාභ ලබන ආයතන පවා විකුණා දමමින් දුටු දුටු දේ නියැලෙන ප්‍රතිපත්තියක රජය නිරතව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී අයි. එම්. එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
පාඩු ලබන ආයතන ලාභ ලැබීමටත් ලාභ ලබන ආයතන තවදුරටත් වැඩි ලාභයක් ලබන ආයතන ලෙස පරිවර්තනය කිරීමටත් නව මොඩලයක් අවශ්‍ය වුවත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ නිසි වැඩපිළිවෙළක් නොමැතිව රාජ්‍ය සම්පත් විකුණා දැමීම බවත් විපක්ෂ නායකවරයා කීවේය.
රාජ්‍ය සම්පත් විකුණා දැමීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අයි. එම්. එෆ්. ගිවිසුම රටට හිතකර ලෙස සකස් විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘ රට වෙන්දේසි ලන්තයක් කරලා‘
මොට්ටපාල Monday, 24 April 2023 07:02 AM
මේ විපක්ෂයේ නායක මහත්තයෝ නිදහස අරගෙන අපි දැන් අවුරුදු 75 පසුකර තියෙන්නෙ රට එන්න එන්නම අගාධයකට යනවා කියලා පේන්නෙ නැද්ද නිදහස ලැබුනාට පස්සෙ මහලොකු සමාජවාදීන් කියාගන්නා පිස්සොත් එදා සිටම පුද්ගලික අංශය විනාශ කරන්නත් හැම දෙයක්ම රජයෙන්ම කරන්න කියලා දැන් වෘත්තීය සමිති කාරයො වගේ කෙළවරක් නැතුව අරගල කලා අහල ඇතිනේද ගල් ඔය ව්‍යාපාරය කරද්දී එක සමාජවාදියෙක් මැලේරියාව හදා මිනිස්සු මරණවා කියලා උද්ඝෝෂණ කලා කියලා උන්දැට තිබුනෙ පොතේ දැනුමක් විතරයි 56 දේශපාලනය ගත් මිනිහත් සිංහල විතරක් කරල අවුරුදු 30 කට ආසන්න යුද්ධයෙන් හා 71 හා 87-89 සමාජවාදීන් කියාගන්නා ජෙප්පො රට විනාශ කලා දැන් වෘත්තීය සමිති කාරයෝ රට කනවා ඔහේ කියන ආකාරයට රට හදන්න බැහැ රජය ව්‍යාපාර කිරීම නවතා ව්‍යාපාර වලින් බදු අරගෙන රට පාලනය කරන්න ඕන ඇත්තටම උන්නැහේ තමුන් බැරිවෙලා හරි ජනාධිපති වුනොත් දැනට රට අරාජික කරන මිස්ට තට්ටයා සහ සමාගම් කරන අලුගුත්තේරු වැඩ ගැන මොනවාද කියන්නෙ ඒවා ගැනත් කියන්න බලන්න බොරු ශෝබන එපා මහත්තයෝ