(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී 2021 වසරේ ගිනිගෙන විනාශ වූ 'එකසප්‍රස් පර්ල්' නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකා පරිසරයට සිදු වූ හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයේදී හෙට (24) නඩු පැවරීමට නියමිත බව අධිකරණ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරු වාණිජ අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කිරීමට නියමිත බව කී එම නිලධාරියා එම නෞකාව සිංගප්පූරු සමාගමකට අයිති නෞකාවක් හේතුවෙන් සිංගප්පූරුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවද සඳහන් කළේය.
මෙම නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය පිළිබඳව සිංගප්පූරුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධය සිදු උන තැන නේද නඩුව දාන්නේ? ඩුබායි ඉඳල ගේන මත් ද්‍රව්‍ය ලංකාවේදී අහු උනාම නඩුව දාන්නේ ඩුබායි වලද?
නඩු භාණ්ඩ ලංකාවේ තියාගෙන සිංගප්පූරුවේ නඩු දානවා , මේ නඩුව ඕනේ කමින් පරාද කරගන්න යන්නේ , දැනටමත් ඩිල්'දාස ඇතුළු සෙට් එක උන්ගේ කොමිස් එක ගහගෙන ඉවර ඇති
අනේ මන්දා... මේකත් අර පාස්කු නඩුව වගේ වෙයිද දන්නේ නැහැ.
තාක්ෂණික දෝෂ ගොඩක් දාලා නඩු පවරන්න...