කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතිය බිඳවැටෙයි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් මගීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරිගණක පද්ධතිය නොමැතිව පරීක්ෂා කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය මීට සුළු මොහොතකට පෙර පැවසුවාය. 09 November 2022
ජන හා නිවාස සංගණනයක් ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයක් ලබන වසර (2023) මුල පැවැත්වීමට සැලසුම්කරමින් සිටින බව ජන ලේඛණ සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2022
පාස්පෝට් නිකුත් කිරීම යළි ඇරඹෙයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට යථා තත්වයට පත්කර ඇති බවත් අද (9) පෙවෙරුවේ සිට සාමාන්‍ය පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 09 November 2022
ඇමෙරිකන් මැතිවරණයෙන් ඩිමොක්රටික්වරුන්ට වාසි ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන්, ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ට වැඩි වාසි හිමිවනු ඇති බවත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඔවුන්ට හිමිවනු ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 09 November 2022
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවයි විභාග දෙපාර්තමේන්තුව මෙහෙයවන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (ජී.අයි.ටී.) විභාගයට පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට අයදුම්පත් යොමුකිරීමේ කාලය මේ මස 25 වැනිදා දක්වා දීර්ළ කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2022
අලි ප්‍රහාරවලින් මිය ගිය නිලධාරින් දෙදෙනාට වන්දි ඇත් අතුරු සෙවන හා පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ දී අලි ප්‍රහාර දීම් හේතුවෙන් මරණයට පත් වූ වනජීවී නිලධාරීන් දෙදෙනාට වන්දි මුදලක් ලබා දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය. 09 November 2022
ධනුෂ්ක නැවත අද සිඩ්නි අධිකරණයට ස්ත්‍රී දූෂණ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (9) පෙරවරුවේ සිඩ්නි අධිකරණයට නැවත කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 November 2022
පොල් ගැන එලොව පොල් පෙනෙන කතාවක් රිලව්, වඳුරන් හා දඬුලේනුන් විසින් වසරකට පොල් ගෙඩි දස කෝටි හැත්තෑ ලක්ෂයක් (මිලියන 107ක්) විනාශ කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහූණු ආයතනය විසින් කළ සමීක්ෂණ වාර්තාවක සඳහන් වේ. 09 November 2022
වරාය බටහිර පර්යන්ථයේ සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹෙයි මහත් ආන්දෝලනාත්මක තත්වයකට පත්වූ කොළඹ වරායේ බටහිර පර්යන්ථය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය අද (9) පෙරවරුවේ ආරම්භ කළේය. 09 November 2022
කෝටි දෙකක තහනම් වල් නාශක අල්ලයි රුපියල් කෝටි දෙකකට ආසන්න තහනම් වල්නාශක තොගයක් ආලංකුඩාව ප්‍රදේශයෙදී සැකකරුවකු හා කැබ් රථයක් සමග අත් අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය කියයි. 09 November 2022
මොරටුවේ පන්දම් විරෝධයක් ‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී පැවැත්විණි. 09 November 2022
මහරගම මහ දවල් මහා කොල්ලයක් මහරගම ඇරැව්වල වෙළඳසැලකට තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු සිව් දෙනකු වෙළඳසැල් හිමිකාරිය ට පහර දී ඇය පැළඳ සිටි රන් මාලය සහ මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි මහරගම පොලිසිය සඳහන් කරයි. 09 November 2022
ප්‍රදේශ කීපයකට තද වැසි ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2022
ප්‍රසන්න වගකීම් බෙදයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන්වන තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට ආයතන හා කාර්යයයන් පවරමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අති විශේෂ ගැසට් නිවෙදනයක් නිකුත් කර තිබේ. 09 November 2022
255හේ එන්නත 40,000 ට අරගෙන එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ. 08 November 2022
බස් - යතුරු පැදි අනතුරින් ගැබිණි මවක් මරුට කහටගස්දිගිලිය රත්මල්ගහ වැව මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පස් මස් වියැති ගැබිනි කාන්තාවක් මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය කියයි. 08 November 2022
සිසුන් දෙදෙනකුට කුරිරු වූ ගිංතොට මෝය ගිංතොට ගිංගඟ මෝයකට අසල මුහුදු වෙරලේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනකු අද දහවල් දියේ ගිලි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 08 November 2022
නීතිඥ පිරිසකගෙන් මානව කොමිසමට පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලිකරුවන් සමග වංක සහයෝගයෙන් කටයුතු කරමින් තිලිනි ප්‍රියමාලි සම්බන්ධයෙන් වන සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිවාසිකම අහිමි කර ඇතැයි සඳහන් කරමින් නීතිඥයින් පිරිසක් ඊයේ (08) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 08 November 2022
තිළිණිගෙන් ප්‍රකාශ ගන්න සීඅයිඩිය බන්ධනාගාරයට මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි යන අයගෙන් වැඩි දුරටත් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයයේ කාන්තා අංශයට ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 08 November 2022
හුංගමුව විදුහලේ සිද්ධියට විදුහල්පති පොලිසියේ දෙකක් රිමාන්ඩ් බණ්ඩාරගම හුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් තිදෙනකු විදුහලෙන් පිටතට රැගෙන ගොස් පහරදී විදුලිය( කරන්ට්) වැදීමට සලස්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිනිය, නියෝජ්‍ය විදුහල්පතිවරිය සහ පොලිස් නිලධාරීහු තිදෙනෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ(8) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ. 08 November 2022
දසුන් ශානක ප්‍රකාශයක් දෙන්න එයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ වූ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානක මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ සිටියි. 08 November 2022
ධනුෂ්ක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙරට එයි ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඕස්ටේ්රලියාවේ බන්ධනාගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙනී සිටි යුතු බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තීරණය කර තිබේ. 08 November 2022
ලංකාවේ නිදහස ඇති කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි පීඩාවට පත්ව සිටින ජනතාවට එරෙහිව වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන කුරිරු මර්ධනය මේ වන විට දරාසිටි නොහැකි තරමට වර්ධනය වී ඇති බවත් රට තුළ නිදහස සහ යුක්තිය ස්ථාපිත කිරීමට ක්‍රියාත්මක වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 08 November 2022
ළමයින්ගේ ආරක්ෂාව ඉදිරියේදී තවත් අඩුවේවි ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ, ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක සහ සමාජයීය තත්ත්වය පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී ඇතැයි මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 08 November 2022
ලංකා ජනපති කාර්මික ලෝකයේ රටවලින් වන්දි ඉල්ලයි කාර්මික ලෝකයේ රටවල ඉහළ යන වායු විමෝචනයෙන් පීඩාවට පත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බැවින් වෙනුවෙන් කාර්මික රටවල් වන්දි ලබා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් පැවසීය. 08 November 2022
රාජිතට-රූමි මොහොමඩ්ට එරෙහි නඩුව: සාක්කිකරුවන්ට ඇති තර්ජන ගැන පරීක්ෂණයක් පවත්වන්න ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට, රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ සාක්කිකරුවන් දෙදෙනාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (08) පොලිස්පතිවරයාට නියම කළේය. 08 November 2022
’’ප්‍රේමණීය රෝස් ඊජිප්තු ගිහින්’’ අපි කවුරුත් එකතුවෙලා ගොඩනඟපු ටයිටැනික් නැව වැරදි කප්පිත්තෙක් අතට යෑම නිසා ඒ කප්පිත්තා අධි විශ්වාසයෙන් ගොස් නැව අයිස් කන්දේ හැප්පූ බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 November 2022
පැය දෙකක විදුලි කප්පාදුව තවත් දින 3ක් පැය දෙක බැගින් හෙට (9) සිට මේ මස 11 වැනිදා දක්වා විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (8) පස්වරුවේ පැවසීය. 08 November 2022
ලංකාවට අත දෙන්න නවසීලන්තය එකඟයි ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට මහ කොමසාරිස් ඇපල්ටන් මහතා සහතික වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 08 November 2022
නියමිත කලට මැතිවරණ තබන්න ආණ්ඩුව සාකච්ඡා කළා සියලු මැතිවරණ නියමිත කලට තබන්නට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025