IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මේ පියා අතරමං කළාද?

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කාන්තාවක් ලෙස පෙනෙන ලෙස දිග ගවුමක් අන්දවා නාත්තන්ඩිය වැලිපැන්නගහමුල්ල හන්දියේ අතහැර දමා ගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයකු දුනකදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. 

බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු යැයි කියන වයෝවෘද්ධ පුද්ගලයා  උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ වැඩ පරිපාලකවරයකු වන රොශාන්ත මනෝජ් අරවින්ද මහතා රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිසිය කියයි.  

අවුරුදු 70 - 75 අතර වයසේ පසුවන බවට අනුමාන කළ හැකි මෙම පුද්ගලයා හමු වන විට ඔහු ඇඳ සිටි කාන්තා ඇඳු මේ මලපහ පිට වී තිබී ඇත

බිම වැතිරී කෙඳිරි ගාමින් සිටි පුද්ගලයා අවට සිටි තරුණ පිරිසගේ ද සහාය ඇතිව නහවා පිරිසුදු කර කුසගින්නේ සිටි බව පෙනී ගිය නිසා කන්න බොන්න ලබාදී 1990 සුවසැරිය ගිලන් රථයකින්  රෝහල්ගත කිරීමට කඩිනමින් පියවර ගත් බව අරවින්ද මහතා කීය

ඔහුගෙන් තොරතුරු විමසූ අවස්ථාවේ ඔහු බොහොම අමාරුවෙන් කතා කරමින් තමන් බදුල්ලේ පදිංචි අබේරත්න බණ්ඩා‍ර නැමැත්තකු බව පැවසුවේ යැයි අරවින්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය

බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන මොහු එම ප්‍රදේශයට පැමිණි ආකාරය ගැන තොරතුරු හෙලි කිරිමට අපොහොසත් වූ බවද ඔහු පැවසීය

 



අදහස් (1)

මේ පියා අතරමං කළාද?

පැරකුම් Monday, 03 July 2023 03:05 PM

මේ තමා අද සමාජයේ සාරධර්ම පිරිහී ඇති තරම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 749 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site