පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් ගැන ක්‍රියාමාර්ගයක් ගන්නවා කෑම අහේනියට ලක්වූ දරුවකු ගැබිනියක් බව ප්‍රකාශ කර පසුව එය ඉල්ලා අස්කරගත් පොලොන්නරු දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇතැයි අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 November 2022
මහේස්ත්‍රාත් නිළ නිවසට පැන්න අයෙක් අත්අඩංගුවට පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් නිළ නිවසට ඊයේ (07) රාත්‍රි අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය කියයි. 08 November 2022
වාකරේ කොළ පිපිඤ්ඤා ඩොලර් හොයයි මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව රටට ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 08 November 2022
යාලේ යකා නැටූ අය ගැන අමරවීරගෙන් ප්‍රකාශයක් යාල සිද්ධියට කවුරු සම්බන්ධ වුණත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 November 2022
ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පිහිටුවයි ආංශික අධීක්ෂණ කාරක සභා දාහතක් සහ අලුත් කමිටු තුනක් අද පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 08 November 2022
රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. 08 November 2022
බොරතෙල් මිල ඩොලර් 100 සීමාවට ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාවට ළඟා වෙමින් තිබේ. 08 November 2022
ගිලන් රථයෙන් මුව මස් ඇද්ද ආරක්ෂකයෝ මාට්ටු යුද හමුදාවට අයත් ගිලන් රථයකින් මුවමස් කිලෝ තුනක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු ඇතුළු ලාන්ස් කෝප්රල් සෙබළුන් දෙදෙනකු පොහොයදා දහවල් මාදුරුඔය උද්‍යානයේදී අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවිී කාර්යාලය සඳහන් කරයි. 08 November 2022
මුහුදේ ගිලෙමින් සිටි ලාංකිකයෝ 303ක් බේරා ගැනෙති වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ ’ලේඩි ආර් 3’ නැවේ සිටි ශ්‍රී ලාංකික පිරිස මුදවාගත් බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය. 08 November 2022
බේරුවලින් කෝටි අටක කුඩු අල්ලයි බේරුවල අඹේපිටිය ඩයස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 8 අධික වටිනා වටිනාකමින් මත්කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 08 November 2022
සවස් කාලයේ මිලි මිටර් 100 ඉක්මවූ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 November 2022
රාජ්‍ය ආයතන පුරප්පාඩු පුරවන හැටි ඇමති කියයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැනට රජයේ සේවයේ නියුතු උපාධිකාරීන් බඳවා ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 07 November 2022
නීතිඥයා හොර ගිනි අවියක් සමග මාට්ටු බලපත්‍ර නොමැති ගිනි අවියක් වෑන් රථයක සගවා රැගෙන යමින් සිටි නිතිඥවරයකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන ඒකකයෙ නිළධාරින් අද සවස අත් අඩංගුවට ගෙන ඇත. 07 November 2022
කන්දකාඩු රැඳවියන් 33ක් අතුරුදන් වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරතුර දී පලාගිය රැඳවියන් 33 දෙනකු තවමත් අතුරුදන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය. 07 November 2022
සිරදඬුවම් විඳින ඇතින්න ගොව්වා මරයි උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වෙමින් සිටි ඇතින්නක් පහරදීමෙන් එහි සේවකයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව උඩවලව පොලිසිය කියයි. 07 November 2022
පැය 18කට පසු කන්දකාඩුව ආරක්ෂක අංශ යටතට වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (6) රාත්‍රියේ ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන් පසු එදින රාත්‍රී 10.00 පමණ සිට අද පස්වරු 4.00 පමණ වන තුරු පැය 18 කට වැඩි කාලයක් එම මධ්‍යස්ථානයේ පාලනය රැඳවියන් විසින් සියතට ගෙන තිබූ බව වාර්තා වේ. 07 November 2022
ජනාධිපති ලෝකයම වෙනුවෙන් ඉල්ලීමක් කරයි ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය. 07 November 2022
කෘතීම රුධිරය අත්හදා බලයි පරිත්‍යාගශීලීන්ගෙන් ප්‍රාථමික සෛල භාවිතා කරමින් රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ කෘතීම රතු රුධිරාණු සෛල පුද්ගලයෙකුට පාරවිලයනය කර ඇත. රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ රතු රුධිර සෛල පුද්ගලයෙකුට පාරවිලයනය ලොව ප්‍රථම සායනික පරීක්ෂණය ලෙස මෙය ඉතිහාස ගත වන බව පර්යේෂකයෝ පවසති. 07 November 2022
ජනපති බ්‍රිතාන්‍ය අගමැති සහ ස්ලෝවේනියා ජනපති හමුවේ COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මහතා හමුවිය. 07 November 2022
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් ඇෆ්ගනිස්ථානයේ බඩක්ශාන් පළාතේ අද(07) උදෑසන ප්‍රබල භූමි කම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 07 November 2022
මහනුවර හෙද විදුහල නාය යයි දැඩි බෑවුම් ප්‍රදේශයක පවතින මහනුවර හෙද විදුහල මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යාමේ දැඩි අවදානමකට ලක්වී ඇති බැවින් දැනට එහි අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව හෙද විදුහල් බලධාරීහු පවසති. 07 November 2022
සහකාරියට වද දුන් විධායක නිලධාරියා රිමාන්ඩ් සිය සහකාරියට වධහිංසන පැමිණුවැයි අත්අඩංගුවට ගත් රාජ්‍ය ආයතනයක සහකාර අධ්‍යක්ෂකවරයකු යැයි කියන සැකකරුව නව වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය නියෝග කළාය. 07 November 2022
සම්පන්දන් රන් සම්මාන ලබයි ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිටකිස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උත්සවයේදී ප්රජාතන්ත්රවාදය සහ සංහිඳියාව යන විෂයයන්ට අදාලව කැපවූ විශිෂ්ඨ දේශපාලන චරිත ඇගයීම සිදුකරන අතර එහිදි දේශපාලනාඥයකුට ජීවිතයේ එකවරක් පමණක් පිදෙන ප්රජාතන්ත්රවාදයේ රන් සම්මානය හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාට පිරිනැමිණි. 07 November 2022
මිල්ලනිය සිද්ධිය ගැන සොයන්න ’’එස්.අයි.යූ’’ කණ්ඩායමක් මිල්ලනිය ප්‍රදේශයේ පාසල් දරුවන් පිරිසකට පහර දෙන ලදැයි කියන සිද්ධියේදී පොලිස් නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇද්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශයේ (S.I.U) නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති. 07 November 2022
ජනතාවගෙන් සොරාගත් මුදල් යළි ලබාදෙන ක්‍රමයක් ගේන්න ජනතාව නොමරා මරණ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට රටේ සිදුව ඇති වංචා දූෂණ ගැන අපක්ෂපාතී විමර්ශනයක් කර සොරා කෑ මුදල් ජනතාවගේ අතට ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 07 November 2022
විදුහල්පතිවරිය-පොලිස් නිලධාරීන් ළමා අධිකාරියට කැඳවයි හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරියගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලිය (කරන්ට්) වැදීමට සලස්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජාතික ළමාරක්ෂක අධිකාරිය ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම විදුහල්පතිවරියටද ගුරුවරියකට සහ පොලිස් නිලධාරීන් තිනෙකුටද ඒ ආයතනය හමුවේ හෙට (8) පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. 07 November 2022
ජනපති ලෝක නායකයන් සමඟ සාකච්ඡා දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවට සහභාගී වීමට ඊජිප්තුවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුව අතරවාරයේ රට රටවල නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වීය. 07 November 2022
දිස්ත්‍රික්ක 7ක නායයාමේ අවදානම තවදුරටත් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 07 November 2022
මහ කන්නයට කෘමිනාශක-වල්නාශක බෙදෙන්නේ මෙහෙමයි මහ කන්නයේ දී වී වගාව හා අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය වන කෘමි නාශක හා වල් නාශක දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 07 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025