
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකාවේ නිර්වින්දන වෛද්‍යවරුන් 167 දෙනකු මෙරට සේවය අතහැර එංගලන්තයේ සේවයට ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර විදේශීය පුහුණුව නිමවා මෙරටට පැමිණි ( පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා) විශේෂඥ වෛද්‍යවරුන් 323 දෙනකුගෙන් 160 දෙනකු විදේශ රටවල සේවයට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ( තෘතීක සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසිය.
මෙම වෛද්‍යවරුන්ගෙන් පිරිසක් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
වෛද්‍යවරුන් විදේශගත වීම වැලැක්වීමට නිසියාකාර නීති පද්ධතියක් මෙරට ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ නිලධාරීහු එවැනි නීති පද්ධතියක් කඩිනමින්ම සකස් කළ යුතු බවට රජයට යෝජනා කරති.
වෛද්‍යවරුන් විදේශගතවීම වැළැක්වීම සඳහා වීසා අවලංගු කිරීම වැනි ක්‍රියාමාර්ගවලට යා හැකි අතර ආචාර ධර්මකඩ කිරීම පදනම් කරගෙන වෛද්‍ය සභාවට ඔවුන්ගේ ලියාපදිංචිය පවා අහෝසි කළ හැකි බව පැවසේ. එහෙත් එවැනි වැඩපිළිවෙළක් මේ දක්වාම නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව අපට දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය යන්නේ මොකද කියලා හොයලා බැලුවොත් නරකද? අඩුම ගානේ මේ දොස්තරලගේ ගෙවල්වලට කිට්ටු තැනක්වත් පත්වීම් වලට දෙනවා නම්...!
ඊට වඩා හොඳ නැද්ද ලංකාවේ දූෂණය නතර කරලා, මේ ඔක්කෝටම හේතුව වුණු දේවල් නිවැරැදි කරානම්... එහෙම වුණොත් කවුරුත් රට යයිද?
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිවලින් කොල්ලකෑම කරන්නේ දේශපාලකයින් කියලා වැඩිපුරම කෑගහන්නේත් මේ වගේ උගත් නීචයින් නේද?
හැබැයි, ලංකාව එපා වුණාට වෙනතැනක් හරියනවා කියන ගැරන්ටිය නැහැ. ඒකත් මතක තියාගන්න. සමහරවිට මෙහෙ ඇවිල්ලා ට්‍රක් එකක් එලවන්න වේවි. දොස්තර කෙනෙකුට වඩා ආදායමක් ලැබෙයි.. ඒක වෙනම කථාවක්. මගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ pilot කෙනෙක්... මෑන් pilot කම අත්හැරලා plumber කෙනෙක් වෙන්න හදනවා. ඒ ඉස්සර...
නියමයි... අපේ ප්ලෑන් එක තිතට යනවා... අපිට ඕනේ මොලේ තියන උගත්, බුද්ධිමත් මිනිස්සු රටින් එළවලා අපිට හිතේ හැටියට රවට්ටන්න පුළුවන් මෝඩයින් ටික ඉතුරු වෙනවට...
වැඩක් කරන්න දෙන්නෙත් නැත්තේ ඔය කියන අමාත්‍යාංශෙ අයම තමා. දියුණු රටවල වැඩකරලා හොඳට පුහුණුව අරන් මෙහෙ වැඩ කරන්න ආවාම කෙලින්ම යවනවා කැලේට... හරිහමන් වාට්ටුවක්වත් නැති තැනකට. ඒ තැන්වල පහසුකම් දියුණු කරන්න ගියාම ඔය මිනිස්සුම තමා කකුලෙන් අදින්නේ... අන්තිමට එපාවෙලා රටෙන් ගියාම "අපි වීසා අවලංගු කරනවා, අරයට කියනවා. මෙයාට කියනවා. හරිම නරකයි" වගේ ගොං කතා කියනවා. මිනිස්සුත් දොස්තරලත් එක්ක තියෙන ඇරියස් එකට මේවගේ කතා ඇහුණාම හෙන ආතල් එකේ ඉන්නේ... තමුන්ගේ නෝනාට බබා හම්බ වෙන්න යනකොට හරිහමන් දොස්තර කෙනෙක් නැතිව ළමයා, අම්මා මැරුණාම. අම්මාට පිළිකාවක් හැදුණාම හරියට ඔපරේෂන් කරන්න දොස්තර කෙනෙක් නැතිවුණාම එදාට තේරෙයි මෙහෙම දේවල්වල බරපතලකම....