
(ටී.කේ.ජී.කපිල,එච්.එම් ධර්මපාල සහ තුසිතද සිල්වා)
තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් "මුතු රාජා " නොහොත් " සක්සුරින් " හස්තියා යළි තායිලන්තය වෙත රැගෙන යාම සදහා දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ.
එම හස්තියා මෙතෙක් රදවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ එම විශේෂ රථය ඉතා සෙමින් සෙමින් , හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට අද දින අලුයම 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.
මෙම ඇතා ඇතුළත් විශේෂ කූඩුව, ඔහු තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු " ඉලුෂියන් - 76 " ගුවන් යානයට පැටවීම ආරම්භ කර තිබේ. මෙම ගුවන් යානය අද දින උදෑසන 07.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර , " ෂියන්මායි " ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතය.
(ඡායාරූප ළහිරු හර්ෂණ සහ ටී.කේ.ජී කපිල)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූජා භූමිවල/ අවට සතුන් මරණ, සත්ව කරුණාව වචනයට පමණක් සීමාකර තිබෙන, අලි ඇතුන් ලවා වන්දවා ගැනීමේ මානසිකත්වයකින් පෙලෙන පිරිස් සිටිනා රටක සත්ව කරුණාව පිළිබඳව කුමන කතාද? උදේ පාන්දරම ගම් දනවු පුරාවට ඇසෙන්න පිරිත් කියන රටක මෙහෙමත් දේවල් වෙනවාද? අලුයම පන්සල් පල්ලිවලින් එන සද්දයට පාසල් ළමුන්ට අධ්‍යාපනයක් කරගන්න පාඩම් කරගන්න බෑ. රටවල හදන්න නම් පළමුව මේවා නිවැරැදි කරගත යුතුයි...
ගොඩක් දුකයි...
පෙර පිණක් තිබිලා ධර්මද්වීපයේ වධකයින්ගෙන් බේරෙන්න... ඒ වාසනාව නැති බහුතරය පන්සල්වල ගැටගහලා ඉන්නවා.
මොන විලිලැජ්ජා නැති වැඩක්ද කියලා හිතෙනවා. කෙනෙකුගේ තෑග්ගක් නොසලකා හැරීමෙන් පේන්නේ තෑග්ගක් දුන්නු රට නොසලකා හැරීමක් කියලා කියන්න පුළුවන් රටට අනවශ්‍ය නම් ගත්තේ මොකටද? රටට ලැබුණු මෙම ඇතා දළදා මාලිගාවට දුන්නා නම් කොහොමද? හොඳයිද?