සම්පන්දන් රන් සම්මාන ලබයි ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිටකිස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උත්සවයේදී ප්රජාතන්ත්රවාදය සහ සංහිඳියාව යන විෂයයන්ට අදාලව කැපවූ විශිෂ්ඨ දේශපාලන චරිත ඇගයීම සිදුකරන අතර එහිදි දේශපාලනාඥයකුට ජීවිතයේ එකවරක් පමණක් පිදෙන ප්රජාතන්ත්රවාදයේ රන් සම්මානය හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාට පිරිනැමිණි. 07 November 2022
මිල්ලනිය සිද්ධිය ගැන සොයන්න ’’එස්.අයි.යූ’’ කණ්ඩායමක් මිල්ලනිය ප්‍රදේශයේ පාසල් දරුවන් පිරිසකට පහර දෙන ලදැයි කියන සිද්ධියේදී පොලිස් නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇද්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශයේ (S.I.U) නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති. 07 November 2022
ජනතාවගෙන් සොරාගත් මුදල් යළි ලබාදෙන ක්‍රමයක් ගේන්න ජනතාව නොමරා මරණ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට රටේ සිදුව ඇති වංචා දූෂණ ගැන අපක්ෂපාතී විමර්ශනයක් කර සොරා කෑ මුදල් ජනතාවගේ අතට ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 07 November 2022
විදුහල්පතිවරිය-පොලිස් නිලධාරීන් ළමා අධිකාරියට කැඳවයි හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරියගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලිය (කරන්ට්) වැදීමට සලස්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජාතික ළමාරක්ෂක අධිකාරිය ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම විදුහල්පතිවරියටද ගුරුවරියකට සහ පොලිස් නිලධාරීන් තිනෙකුටද ඒ ආයතනය හමුවේ හෙට (8) පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. 07 November 2022
ජනපති ලෝක නායකයන් සමඟ සාකච්ඡා දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවට සහභාගී වීමට ඊජිප්තුවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුව අතරවාරයේ රට රටවල නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වීය. 07 November 2022
දිස්ත්‍රික්ක 7ක නායයාමේ අවදානම තවදුරටත් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 07 November 2022
මහ කන්නයට කෘමිනාශක-වල්නාශක බෙදෙන්නේ මෙහෙමයි මහ කන්නයේ දී වී වගාව හා අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය වන කෘමි නාශක හා වල් නාශක දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 07 November 2022
උතුරු දුම්රිය යළි සාමාන්‍ය පරිදි පීලි පැනීමට ලක් වූ යාල්දේවී දුම්රිය යළි පීල ගත කිරීමෙන් අනතුරුව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු සාමන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 07 November 2022
රටේ තත්වය ගැන විශේෂ විවාදයක් හෙට මැතිසබයේදී රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (8) දවස පුරා පැවැත්වේ. 07 November 2022
පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ හෙට රැස්වෙති පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (8) පස්වරු 12.30ට පැවැත්වීමට නියමිතය. 07 November 2022
තැපැල් දුම්රියේ නිදන මැදිරි පාලකයා බීමත්ව හසුවේ කන්කසන්තුරේ සිට කොළඹ බලා ඊයේ (06) ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරි භාරව සිටි දුම්රිය සේවකයා බීමත්ව සිටියදී අනුරාධපුර දුම්රිය ආරක්ෂක හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 07 November 2022
ධනුෂ්කට ක්‍රිකට් තහනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත් මින් ඉදිරියට ක්‍රිකට් සංචිත සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේදී ඔහුව සලකා නොබලන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 07 November 2022
ධනුෂ්කට ඇප දීම ප්‍රතික්ෂේප කරයි කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක අද(07) සිඩ්නි අධිකරණයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන ලදි. 07 November 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ධනාත්මක මෙන්ම ඍණාත්මක අවස්ථාවලට මුහුණ දීමට සිදු වූ බවත් , අප කණ්ඩායම හැමවිටම උපරිමයෙන් ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ශ්‍රී ලංකාවට පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද (07) උදෑසන පැවසීය . 07 November 2022
කන්දකාඩු සිද්ධිය ගැන ජනපති වාර්තාවක් කැඳවයි පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් පළා යාමෙි සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා තිබේ. 07 November 2022
ගුවන් අනතුරුන් මියගිය ගණන 19 දක්වා ඉහළට කඩා වැටුණු ටැන්සානියානු ගුවන් යානයේ සිටි 43 දෙනාගෙන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව එරට අග්‍රාමාත්‍ය කසීම් මජලිවා මාධ්‍ය හමුවේ පවසා තිබේ. 07 November 2022
සවස් කාලයේ තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 November 2022
දේශගුණික විපර්යාස ගැසට්ටුව සතියකින් කැබිනට්ටුවට දේශගුණික විපර්යාස පිළිබඳ මහලේකම් කාර්යාලයක් පිහිටුවීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සතියක් ඇතුළත ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 07 November 2022
කන්දකාඩු කඳවුරේ ගැටුමක් පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් දෙපිරිසක් අතර රාත්‍රි 10 ට පමණ ඇති වු ගැටුමකින් එහි සිටි රැදවියන් පිරිසක් පලා ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය 06 November 2022
තිළිණිට - ජානකීට කෝටි අටක ආශිර්වාද පූජාවක් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි සහ ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය ආශිර්වාද පූජාවක් සඳහා මිලියන 80ක මුදලක් කට්ටඩියෙකුට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 06 November 2022
මිල්ලනියේ විදුහලක සිසුන් තිදෙනකුට අමානුෂික පහරදීමක් හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක 5 වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරයාගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලිය(කරන්ට්) වැදීමට සලස්වන ලදැ යි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භවී ඇත. 06 November 2022
ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 71 ක් ජයක් ලැබූ ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය. 06 November 2022
යූරියා සාද්‍රණය වැඩි කරයි වී වගා හෙක්ටයාරයකට පළමු මුරය සඳහා නිකුත් කරන පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 50ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 06 November 2022
ඉන්දියාවට ලකුණු 71 ක ජයක් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්වෙන සුපිරි 12 දෙනාගේ වටයේ අවසන් තරගයෙන් ලකුණු 71 ක ජයක් වාර්තා කළ ඉන්දියාව, ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා කරගත්තේය. 06 November 2022
ජනපති ජගත් මහලේකම් හමුවෙයි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා අද (06) හමුවිය. 06 November 2022
අලුත උපන් දැරිය පිරිමි දරුවෙක් කරලා අනුරාධපුර ශික්ෂණ රෝහලේදි අලුත උපන් බිළිදු දැරියක වෙනුවට පිරිමි දරැවෙකු මාරැකළ බව කියන මවක් සැකපිට ඊයේ (05) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 06 November 2022
පළාත් ඡන්දය කල් යන හැටි හිටපු මැකෝ කියයි පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බව පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 06 November 2022
රාජ්‍ය නිලධාරීන්ගේ වංචා ගැන කියන්න අංකයක් රජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැනුම්දීමට 1905 දුරකතන අංකය හඳුන්වා දී තිබේ. 06 November 2022
ණය ගැන සාකච්ඡා සුබවාදී මෙරට ණය හිමියන් සමග පැවැති දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එලඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 06 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025