(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ පළමු කාර්තුවේ දී වනසතුන් විසින් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320ක් ලැබී ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය පවසයි.
ගත වෙමින් පවතින දෙවැනි කාර්තුවෙි දී ද වගා හානි වාර්තා වෙමින් පවතින බවත් මෙම කාර්තුව අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන බව ද එම ආයතනය කියයි.
මෙම වසරේ වනසතුන්ගෙන් සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දීමක් කර තිබිණි.
වැඩිම වගා හානියක් කර තිබෙන්නේ රිලවුන්ය. වල් ඌරා, මොණරා, දඩුලේනා, ඉත්තෑවා හා වදුරන් සෙසු වගා හානි සතුන් වෙි.
වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරීදි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පසුගිය වසරේ දී ගොවි ජන සේවා වසම් 464ක වගා හානි සම්බන්ධව පුළුල් විමර්ශනයක් කළේය.
එම වාර්තාව අනුවත් මෙරට වගාවන්ට වැඩිපුරම හානි කරන සත්වයා වන්නේ රිලවා බව සනාථ විය.
පොල් ත්‍රිකෝණයයේ පසුගිය වසරට පමණක් පොල් ගෙඩි මිලියන 200ක් රිලවුන් විසින් විනාශ කර දමා ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණ වලින් හෙළි දරව් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සත්තුටික මරාගෙන කනකන් ඇමතියාට නින්ද යන්නේ නෑ..
හැමදාම රිලාහානි ගැන කියකියා හිටියට වැඩක් නැත. සැමදාම මගේ ඉඩමේ කෙසෙල් විනාශ කරනවා. වෙනදා පොල් වික්ක මම දැන් කඩෙන් පොල් කනවා. විසඳුම් දෙන්නේ නැතිව කියවා කියවා හිටියාට වැඩක් නැත. විසඳුමක් ලබාදෙන්න...