(යොහාන් භාසුර)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය වන නෙදර්ලන්තයට එරෙහිව බුලවායෝහිදී දැන් පවැැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 47.4 කදී සියලු දෙනා දැවී ලකුණු 213 ක් රැස් කළේය.

නෙදර්ලන්ත පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 4.28 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 214 ක් රැස්කළ යුතුය.

ධනංජය ද සිල්වා අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 111 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 93 ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු හතර ලකුණු 34 කට බිඳවැටීමෙන් ඉනිම අඩපණ වීමෙන් ලකුණු 213 කින් සෑහීමට පත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකා පිල ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 213 (දිමුත් කරුණාරත්න 33, ධනංජය ද සිල්වා 93, වනිඳු හසරංග 20, මහීෂ් තීක්‍ෂණ 28, ලොයන් වෑන් බී්‍රක් 26/3, බාස් ඩී ලිඩේ 42/3)