ඩෙංගු මර්දනයට කුරුදුවත්තේ සහය මදි කොළඹ ඩෙංගු මර්දනයේදී ඇතැම් නගර නගරවාසීන්ගෙන් ලැබෙන සහයෝගය මදි බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසීය. 13 May 2023
තංගල්ලේ අනතුරකින් බිළිඳියක් මරුට:හයක් රෝහලට තංගල්ල කොඩිගමුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් මාස 7 ක් වයසැති කුඩා බිළිඳියක් ජීවිතක්ෂයට පත් වී ඇති බව තංගල්ල පොලීසිය පවසයි . 13 May 2023
‘‘මෝඛා‘‘ උතුරටත් තට්ටු කරයි ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැනට සක්‍රීයව පවතින ’’මෝඛා’’ සුළි කුණාටුව මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති හෙයින් ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 May 2023
යතුරු පැදි - ලොරි අනතුරින් නාවික සෙබළකු මරුට මීපේ - ඉංගිරිය මාර්ගයේ පිටුම්පේ පිංතාලිය අසලදී යතුරු පැදියක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් යතුරු පැදියේ පසුපස ගමන් ගත් තරැණයකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි 13 May 2023
ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිතාවට වැට ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව)විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. 13 May 2023
ගාල්ල මහින්දේ විදුහල්පතිට පහර දීලා ගාල්ල මහින්ද විදුහලේ විදුහල්පතිවරයාට තම නිල නිවස ඉදිරිපිටදී නොහඳුනන පුද්ගලයෙකු විසින් බිම දමා ගෙන පහර දුන් බවට විදුහල්පතිවරයා ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත. 13 May 2023
වජිරලා රාජිතලා එක වෙිදිකාවක ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවති සැමරුම් උත්සවයට ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ උත්සවයට ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය සජබ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මහතාද සහභාගී විය. 13 May 2023
බටලීයේ ලොකු අනතුරක් කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ,කැබි රථයක්,ටිපර් රථයක් හා ලොරියක් ගැටී සිදු වූ අනතුරකින් කොළඹ නුවර මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවි ඇතැයි පොලිසිය කියයි. 13 May 2023
අනතුරින් ගාලු බාලදක්ෂ කොමසාරිස් මරුට ගාලු පාරේ බළපිටිය බේරතුඩුවේදී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු මිය ගොස් ඔහුගේ දියණිය තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 13 May 2023
හොර සල්ලි සමග යුවළක් අල්ලයි ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 12ක් සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය කියයි. 13 May 2023
යන්නැයි කිව්වත් නොයන ආණ්ඩුකාරවරුන්ට එරෙහිව ’’කෙවිට’’ ගනී ධුර වලින් ඉවත් වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ඉල්ලා අස් නොවුණහොත් ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි සඳහන් කරයි. 12 May 2023
දෙදරු පියාගේ අත පය වෙන් වෙන් කපයි හංවැල්ල කහහේන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් විසිපස් හැවිරිදි දෙදරු පියකුට එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් දෑත් සහ පාදයක් සිරුරෙන් වෙන් වී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි . 12 May 2023
කොල්ලකරු දුරකතන කුළුණේ නැග සිටියදි අල්ලයි ගල්කිස්ස පීරිස් පාරේ එළවළු වෙළෙඳ සැලකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී හිමිකරුගේ රුපියල් ලක්ෂ 60 ක ආසන්න වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙහිවල ප්‍රදේශයේ දුරකථන කුළුණක් මත නැග සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 12 May 2023
ටිහාරාගේ දුරකතනය සොයා කළු ගඟ පීරයි කළුතර ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලින් ඇද වැටී මියගිය කළුතර නාගොඩ පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ ජංගම දුරකථනය සොයා නාවික සහ පොලිස් කිමිදුම්කරුවන් අද පස්වරුවේ කළු ගගේ නිරීක්ෂණය කරන අයුරු දැකගත හැකිවීය. 12 May 2023
පෙම් යුවළක් මරණය සොයා දියලුමට ගිය ගමන අපි කුඩාරමක් ගහගෙන හිටියා. රෑ 10.30ට විතර අලියා ආවා. අපි ලඟට අලියා එන එකක් නැතිවෙයි කියලා අපි කූඩාරම ඇතුලේ ගුලිවෙලා හිටියේ. එතකොටම වගේ ඒ ඇවිත් අපි හිටපු කූඩාරම පෑගුවා යැයි මියගිය එච්. තරුෂි. කවීෂා තරුණියගේ පෙම්වතා වන ධනුෂ්ක මධුශාන් කලුආරච්චි කියා සිටියේය. 12 May 2023
සමෘද්ධියේ ලක්ෂ 450කට විද්ද හයක් රිමාන්ඩ් වෙලේවැව සමෘද්ධි බැංකුවේ ලක්ෂ බැංකු ශාඛාවේ ලක්ෂ 450 කට අධික මුදලක් වංචා කළැයි කියන එම බැංකුවේ ප්‍රධාන කලමනාකරු, මුල්‍ය අයකැමි ඇතුළ හය දෙනා මැයි 26 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ආණමඩුව මහේස්ත්‍රාත් නිමේෂ පටබැදිගේ මහත්මිය නියෝග කළාය. 12 May 2023
ඩොලර් ගේන්න ’’හෙල්ත් ටුවරිසම්’’ හඳුන්වා දෙයි ’හෙල්ත් ටුවරිසම්’ (Health Tourism) දියුණු කර රටට ඩොලර් ගෙනෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. 12 May 2023
නැගෙනහිර මුහුදට යන්න එපා අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදු තීරයේ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිතර නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අතුල කරුණාරත්න මහතා අද (12) පැවසීය. 12 May 2023
රාජ්‍ය ආයතන නඩත්තු කළ මුදල් අධ්‍යාපනයට දුන්නා නම් ආසියාවේ අංක එක අපි ඉදිරි වසර 10 ඇතුලත අධ්‍යාපන ක්ෂේත්රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ හැකියාවෙන් පෝෂිත තරුණ පරපුරක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අධ්‍යාපනය නවීකරණය සඳහා කැබිනට් කමිටුවක් මේ වන විටත් පත් කර ඇති බව කී ජනාධිපතිවරයා කඩිනමින් නව ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය. 12 May 2023
රට කිරිපිටි මිල අඩු වෙයි ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනික් සමාගම් එකඟතාව පළකළ බවත් එම සහනය මේ මස 15 වැනිදා සිට ජනතාවට ලරබෙනු් ඇති බවත් වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 May 2023
බැංකු පනත විවාදයට නොගත් රහස පාඨලී හෙළි කරයි ශ්‍රී ලංකා මහ බැංකු පනත විවාදයට නොගත්තේ විපක්ෂයේ ඉල්ලීමක් නිසා නොව මහ බැංකු පනත අනුමත වුණා නම් ලංකාවේ ණය සීමාව වැඩි කර ගත නොහැකි නිසා බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 May 2023
වාරියපෙළ වළකින් සිරුරු දෙකක් මතු වේ වාරියපොල මිණුවන්ගැටේ වල්පාළුව ප්‍රදේශයේ දිය පිරුණු වළක තිබී අද (12) දහවල් තරණයන් දෙදෙනකු ගේ මළසිරුරු හමුවී ඇතැයි වාරියපොල පොලිසිය කියයි. 12 May 2023
ගම්පොළ තරුණිය මරා දමලා? ගම්පොළ ප්‍රදේශයෙන් අතුරුදහන් වූ තරුණිය ඝාතනය කර ඇති බවට එම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් තරුණයකගෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. 12 May 2023
සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ රජය සමෘද්ධියේ ඉතුරුම් මුදල්වලට කිසිසේත්ම අත නොතියන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 May 2023
රෝගී වූ බස් රියැදුරා බේරාගත් මෙහෙයුම පදික මාරුව අසල නැවතූ බස් රථයක රියදුරකු දැඩි අපහසුවෙන් පෙළෙන අයුරු දුටු බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රොෂාන් රාජිත මහතා සහ තවත් පුද්ගලයකු එක්ව වහා ක්‍රියාත්මකව රියදුරු රෝහල්ගත කිරීම නිසා ඔහුගේ දිවි බේරුණු බව බණ්ඩාරගම රෝහල් ප්‍රකාශකයෙක් කීය. 12 May 2023
අන්තර් පළාත් බස් නැවතුම් නීතිය 15 සිට ක්‍රියාත්මකයි අන්තර් පළාත් බස් රථ නිෂ්චිත නැවතුම් පොළ නියමු ව්‍යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බවත් එම ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ පළමුවෙන්ම ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (12) පැවසීය. 12 May 2023
දිනයක් සහ වේලාවක් නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරනොගත් කිසිවෙක් එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සහ හදිසියේ විදේශ ගමන්බලපත්‍රය අවශ්‍ය යැයි ලේඛණ ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්ට පමණක් එම දෙපාර්තමේනතුවට පැමිණිය හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (12) පැවසීය. 12 May 2023
ලක්ෂ 15 ක ‘අයිස්‘සමඟ2ක් දැලේ බොරලැස්ගමුව පැපිලියාන හන්දියේ මාර්ග බාදකය කදී ත්‍රිරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා ජාවාරමෙන් උපයා ගත් මුදල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි. 12 May 2023
’’මං තනියම, පුලුවන්නම් වරෙව්’’ කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026