ලංකාවේ නිදහස ඇති කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි පීඩාවට පත්ව සිටින ජනතාවට එරෙහිව වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන කුරිරු මර්ධනය මේ වන විට දරාසිටි නොහැකි තරමට වර්ධනය වී ඇති බවත් රට තුළ නිදහස සහ යුක්තිය ස්ථාපිත කිරීමට ක්‍රියාත්මක වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 08 November 2022
ළමයින්ගේ ආරක්ෂාව ඉදිරියේදී තවත් අඩුවේවි ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ, ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක සහ සමාජයීය තත්ත්වය පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී ඇතැයි මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 08 November 2022
ලංකා ජනපති කාර්මික ලෝකයේ රටවලින් වන්දි ඉල්ලයි කාර්මික ලෝකයේ රටවල ඉහළ යන වායු විමෝචනයෙන් පීඩාවට පත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බැවින් වෙනුවෙන් කාර්මික රටවල් වන්දි ලබා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් පැවසීය. 08 November 2022
රාජිතට-රූමි මොහොමඩ්ට එරෙහි නඩුව: සාක්කිකරුවන්ට ඇති තර්ජන ගැන පරීක්ෂණයක් පවත්වන්න ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට, රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ සාක්කිකරුවන් දෙදෙනාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (08) පොලිස්පතිවරයාට නියම කළේය. 08 November 2022
’’ප්‍රේමණීය රෝස් ඊජිප්තු ගිහින්’’ අපි කවුරුත් එකතුවෙලා ගොඩනඟපු ටයිටැනික් නැව වැරදි කප්පිත්තෙක් අතට යෑම නිසා ඒ කප්පිත්තා අධි විශ්වාසයෙන් ගොස් නැව අයිස් කන්දේ හැප්පූ බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 November 2022
පැය දෙකක විදුලි කප්පාදුව තවත් දින 3ක් පැය දෙක බැගින් හෙට (9) සිට මේ මස 11 වැනිදා දක්වා විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (8) පස්වරුවේ පැවසීය. 08 November 2022
ලංකාවට අත දෙන්න නවසීලන්තය එකඟයි ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට මහ කොමසාරිස් ඇපල්ටන් මහතා සහතික වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 08 November 2022
නියමිත කලට මැතිවරණ තබන්න ආණ්ඩුව සාකච්ඡා කළා සියලු මැතිවරණ නියමිත කලට තබන්නට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 November 2022
වතුර බෝතලය සිසුවාගේ දිවි ගමන නිම කරයි තිරුක්කෝවිල් තම්බිලුවිල් මහා විද්‍යාලයේ 08 වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවකු ප්ලාස්ටික් වතුර බෝතලයකින් පහර දීම හේතුවෙන් අනෙක් සිසුවා මියගොස් ඇතැයි තිරුක්කෝවිල් පොලීසිය කියයි. 08 November 2022
ගැමුණු කණ්ඩුල ගොව්වා මරයි පින්නවල අලි අනාථාගාරයේ අලියකු පහරදීමෙන් එහි සේවය කළ හස්ති පාලකයකු අද (8) මියගොස් ඇත. 08 November 2022
සංවර්ධනය කඩිනම් කරන්න තවත් පිම්මක් සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එක් ස්ථානයකින් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබෙන “One Stop Unit” ක්‍රමය අනිද්දා (10) සිට හඳුන්වාදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 08 November 2022
’’අනුර කුමාර ලස්සන වෙලා’’ අනුර කුමාර දිසානායක මහතා දැන් ටිකක් ලස්සන වී ආඩම්බර වී ඇති බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2022
කැසිනෝ බලපත්‍ර ගැන හර්ෂගෙන් චෝදනාවක් මුදල් අමාත්‍යවරයා කැසිනෝ ව්‍යාපාරවලට බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවසර ඉල්ලා ඇති බවත් යහපාලනය පවතින ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට බලපත්‍ර නොදෙන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 November 2022
75 වන නිදහස් දිනයේදී රට පුරා විරු ප්‍රතිමාවන්ට උපහාර ලබන නිදහස් දින සැමරුමට සමගාමීව දිවයිනේ පිහිටි සියලුම ජාතික වීරයන්ගේ ප්‍රතිමා වෙත ගෞරවය පුද කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයාට උපදෙස් දී ඇත. 08 November 2022
වෙළෙඳ ඇමති බඩු මිල ගැන තක්සේරුවක් දෙයි ඉදිරි මාස තුන ඇතුළත මිල වැඩි වීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2022
පොහොර තිබෙන තැන් ගැන ගයන්තගෙන් හෙළිදරව්වක් පොහොර තිබෙන්නේ මැති ඇමතිලාගේ කතා වල සහ රාජ්‍ය මාධ්‍ය වල පමණක් බව ගමේ මිනිස්සු කියනවා යැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2022
ගෑස් හිඟයක් නෑ ‘ලිට්රෝ’ සහ ‘ලාෆ්’ යන ගෑස් සමාගම් දෙකම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයකින් තොරව නිකුත් කරන බව එම සමාගම් දෙකේ උසස් නිලධාරීහූ පවසති. 08 November 2022
ලංකාව ගැන කොරියා නියෝජිත උදම් අනයි ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සහභාගී වීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කොරියානු ජනාධිපතිවරයාගේ දේශගුණය සහ පරිසරය පිළිබඳ විශේෂ නියෝජිත හා කොරියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී නා කියුං-වොන් (Na Kyung-Won) මහත්මිය අතර හමුවක් සිදු විය. 08 November 2022
ණය කපන්න පාඨලීගෙන් යෝජනාවක් ලෝකයේ ධනවත් රටවල් පිටකරන ’කාබන්’ ප්‍රමාණයට හිලව් වන ලෙස ශ්‍රී ලංකාවේ ණය කපා දැමිය යුතු බවට 2017 වර්ෂයේ ගෙන ආ යෝජනාව(සංවාදය) නැවතත් ඒ රටවලට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 November 2022
බෝක්කුවේ සිරවූ අලියා මරු දකී පොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය අමුණේ සිට 503 කුඹුරු යායට ජලය රැගෙන යන බෝක්කුවක් තුළ සත් මාසයක් පමණ වයසැති අලි පැටවකු සිරවීමෙන් මියගොස් ඇති බව වෙහෙරගල වනජීවී කාර්යාලය කියයි. 08 November 2022
කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමෙන් මගීන්ට දුෂ්කරතා ප්‍රධාන මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති. 08 November 2022
ගුණතිලකගේ සිද්ධිය ගැන සොයන්න ත්රීපුද්ගල කමිටුවක් ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 08 November 2022
විදෙස්ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (8) උදෑසන සිට තාවකාලිකව අත්හිටුවා ඇත. 08 November 2022
ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ දැන් පිළිතුරු සෙවිය යුත්තේ ජනතාව මුහුණ දී සිටින පීඩනයට නමුත් ආණ්ඩුවේ පිළිතුර වී තිබෙන්නේ පීඩනයට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීම යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2022
’’මට තිබුනේ එක ඇඳුමයි’’ තමාට පොඩි කාලේ තිබුනේ එක කලිසමක් සහ කමිසයක් පමණක් බවත් සතියේම හෝද හෝද ඇන්දේ ඒ ඇඳුම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2022
පාසල් නිල ඇඳුම් වෙනස් කරන්නේ නැහැ අධ්‍යාපන අමාත්‍යංශය කිසිවිටෙක දරුවන්ගේ හෝ ගුරුවරුන්ගේ නිල ඇඳුම වෙනස් කරන්නට කටයුතු කරන්නේ නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. 08 November 2022
ඡායාරූප ශිල්පියාගේ පෙත්සම විභාගයට අවසර ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලුවීමේ චෝදනා මත රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වුණා යැයි සඳහන් කරමින් ඊට වන්දි ඉල්ලා ඡායාරූප ශිල්පියෙක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය. 08 November 2022
උණුසුම දරාගන්න බැරිව 15,000 ක් මියගිහින් දැඩි උණුසුම දරා ගැනීමට නොහැකිව, මෙම 2022 වසරේ මේ දක්වා යුරෝපා රටවල 15,000 ක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 08 November 2022
පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් ගැන ක්‍රියාමාර්ගයක් ගන්නවා කෑම අහේනියට ලක්වූ දරුවකු ගැබිනියක් බව ප්‍රකාශ කර පසුව එය ඉල්ලා අස්කරගත් පොලොන්නරු දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇතැයි අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 November 2022
මහේස්ත්‍රාත් නිළ නිවසට පැන්න අයෙක් අත්අඩංගුවට පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් නිළ නිවසට ඊයේ (07) රාත්‍රි අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය කියයි. 08 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025