(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එහි සභාපතිත්වය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාය.
සිසිර ජයකොඩි, වෛද්‍ය සීතා අරඹේපොළ, බුද්ධික පතිරණ, වෛද්‍ය ගයාෂාන් නවනන්දන, තුෂාර ඉඳුනිල්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මේජර් සුදර්ශන දෙනිපිටිය, අසංක නවරත්න උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මන්ජුලා දිසානායක සහ තවරාජා කලේඅරසන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මුදල් කාබාසිනියා කරන කමිටුවක්. සියලුදෙනා හොඳින්ම දන්නා කාරණයක් තමයි... සියලු ජාවාරම් කාරයින් පිටුපස දේශපාලකයින් ඉන්නාවග... උදාහරණයක් ලෙස අර හෙළිකොප්ටරේ ගමන අමතකද? හොරුන්ගේ අම්මලාගෙන් පේන ඇසීමේ කාලය එළඹී ඇත...
කුඩු පිළිබඳ දෙස්විදෙස්වල නම් දැරූ මහාචාර්ය නිමල් ලන්සා උත්තමයාව මේ කමිටුවේ සභාපති නොකළේ, උන්වහන්සේ එදා ෆුට් බයිසිකලයෙන් මීගමුවේ අස්සක්, මුල්ලක් නෑර කුඩු බෙදපු, මීගමුවට කුඩු ජොලියා හඳුන්වාදුන් අසික්කිතයා නිසාදැ? යි කියලා හිතෙන්නේ මට පමණක්ද?
අපරාදෙ ඔච්චර ගොඩක් පත්කළේ... ලංසා, ජොනී දෙන්නා දැම්මානම් හොඳටම ඇති...
අපි බලන් ඉන්නවා මුලිනුපුටා දමනකන්, 2048 දී ණය නැති රාජ්‍යයක් ඇති වෙනවා වගේ...!