(යොහාන් භාසුර)

සියලුම වෘත්තීය සමිති නායකයන් මේ දක්වා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරි නොමැති බවත් වත්කම් හා බැරකම් පනතේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් කම්කරු අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

වත්කම් හා බැරකම් ප්‍රකාශ යොමුකරන්නැයි වෘත්තීය සමිති නායකයින්ට මීට පෙර දැනුම්දී ඇති බව කී එම නිලධාරියා වත්කම් හා බැරකම් පනතට අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකළ යුතු බව ද සඳහන් කළේය.