
(රේඛා තරංගනී ෆොන්සේකා)
රත්මලානේ සිට යාපනයට පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් ළඟාවීමේ පසුව සලසා ඇතැයි රත්මලාන ගුවන්තොටුපොළ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා පවසයි.
මෙම ප්‍රවාහන සේවය සතියට දින හතරක් වන පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී සෙනසුරාදා, ඉරිදා අඟරුවාදා, බ්‍රහස්පතින්දා යන දිනයන්හි මෙම ගුවන් ගමන් කටයුතු උදෑසන ක්‍රියාත්මක කෙරෙන බව ඒ මහතා පැවසීය.
මගීන් දොලොස්දෙනකුට ගමන්කල හැකි Cessna 208 නමැති අංක දරණ ගුවන් රථය මෙම ගමනට අද එක්විය.
Fits Aviation / David Pieris Aviation යන සමාගම් මෙම මගී ප්‍රවාහනයට ගුවන් රථ යොදවා ඇත.
මෙහි ගමන් කරන මගීන් ට කිලෝ 7 බර රැගෙන යා හැකි වන අතර යාපනයට යෑමට සහ ඒමට වඩා වැඩි පහසුවක් සැලසෙන බව කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවාහන මාධ්‍යයක් ගැන කියද්දී වටිනා දෙයක් තමයි ගමන් ගාස්තුව, ඉතාමත් කණගාටුයි කියන්න මෙම වාර්තාව අනුව එම ගාස්තුව දකින්නට නැහැ...
රේඛා තරංගනී ඔයාගෙ article එක නමක් නැතිව උප්පැන්නක් ලිවිිව වගේ ...කෝ ගමන් ගාස්තුව ...????
ගාස්තුව සඳහන් කරන්න.
ගැසට්ටුව දෙන්නේ නැතිව මුකුත් කියන්න බැහැ...
මේ ප්‍රවාහන ක්‍රමය ඉතා වටිනා දෙයක් . මොකද රටේ සුන්දරත්වය බලන්න වගේම, මේ වැඩේ නිසා ආදායමක් ලැබෙනවා. මේ වැඩේ විදිමත් විදිහට කරන්න. මේ ගමනට යන ගාස්තු ගැනත් සදහන් කරන්න .
සම්බන්ද කරගන්න T P අංකයක් කොහොමද ගන්නෙ.