(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවිර)

පදවිය ,ශ්‍රී පුර ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක සහ 14 පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මිය ගොස් ඇතැයි ශ්‍රීපුර පොලීසිය පවසයි.

පදවිය, ශ්‍රී පුර, යාය 12 ශ්‍රී තිස්සපුර ප්‍රදේශයේ දිය ඇළකට දිය නෑමට ගොස් එම දියේ ගිලිමෙන්  ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යාය 12, ශ්‍රී තිස්සපුර ,ශ්‍රීපුර  පදිංචි එමි.ආර්.සිතුමි ලක්ෂිත (12) සහ පි.බි.ධනුක දනංජය (14) නමැති පාසල් දරුවන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා එකම ගමේ පදිංචි අසල්වැසි නිවෙස් දෙකක එම පවුල්වල බාලම දරුවන් වීම ද විශේෂත්වයකි.

මියගිය දරුවන් දෙදෙනා පදවි යාය 12 පරාක්‍රමබාහු මහා විද්‍යාලයේ හය වසර වසරෙහි සහ නමය වසරෙහි ඉගෙනුම ලබා ඇත.

ඔවුන් දෙදෙනා සමග දිය නාමින් සිටි තවත් පිරිමි ළමයන් 8 දෙනෙක් පමණ,පවසා ඇත්තේ, "අයියලා දෙන්නා අපි බය කරන්න වතුර යට හැංගිලා ඇති,"යැයි සිතා ඔවුන් වතුරෙන් ගොඩට පැමිණ තම නිවෙස්වලට ගොස් මේ බව වැඩිහිටියන්ට දැනුම් දුන් බව එම පිරිස සඳහන් කළහ.

එම දරුවන්ගේ දැනුම් දීම අනුව වැඩිහිටි පිරිස ඒ මොහොතේම නාන මංකඩට පැමිණ දරුවන් පිළිබඳ සොයා බැලීමේදී,දරු දෙදෙනාගේ සිරුරු දිය යට තිබී හමුවී ඇතැයි ද ඔවුන් වැඩිදුරටත් පැවසූහ.

ප්‍රදේශවාසීන් ඒ මොහොතේම සිද්ධිය ශ්‍රීපුර පොලීසියට දැනුම් දී මෘතදේහ පදවිය රෝහලට රැගෙන යෑමට කටයුතු කර ඇත.

ශ්‍රීපුර පොලිසිය පොලීසිය වැඩිදුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.