(යොහාන් භාසුර)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය ලෙස සිම්බාබ්වේට එරෙහිව බුලවායෝහිදී දැන් පවැැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ඕවර 32.2 කදී සියලු දෙනා දැවී ලකුණු 165 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සදහා ඕවරයකට ලකුණු 3.32 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 166 ක් රැස්කළ යුතුය.

මහීෂ් තීක්‍ෂණ (25/4) සහ ඩිල්ෂාන් මධුසංක (15/3) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිම්බාබ්වේ පිල පාලනය කිරීමට සමත් වූහ.

සීන් විලියම්ස්  පන්දු 57 කදී හතරේ පහරර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 56 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

සිම්බාබ්වේ පිල ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 165 (සීන් විලියම්ස් 56, සීකන්දර් රාසා 31, ඩිල්ෂාන් මධුසංඛ 15/3, මහීෂ් තීක්‍ෂණ 25/4, මතීෂ පතිරණ 18/2)