(නිමල කොඩිතුවක්කු)
ඊශ්‍රායලයේ සිට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවා ආරම්භ කිරීමට දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ පියවර ගෙන තිබේ.
ඒ අනුවලබන ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ “ආකියා” ගුවන් සේවයට අයත් ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පැවසීය.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ඒ අනුව නව ගුවන් සේවාව ආරම්භ කිරීම පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කරගනිමින් එකඟතාවයක් සඳහා පැමිණිමට දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ අතර අවබෝධතා ගිවිසුමක් නුදුරේදී අත්සන් කිරීමට නියමිතය බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd