(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මිගොඩ පුවක්හේන පාර ප්‍රදේශයේ අළුත්වැඩියා කරමින් තිබූ දෙමහල් නිවසක උඩු මහලේදී තාවකාලිකව ඇද තිබූ විදුලි රැහැනක් මතට පලංචියක් කඩා වැටීමෙන් විදුලි සැර වැදුනු තිදෙනකුගෙන් එක් පුද්ගලයකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ දෙනගම කළුවලාකැටිය , පල්ලාවෙල , පදිංචි කටුදම්පේ විදානගේ ෂෙහාන් ප්‍රසන්න කුමාර නමැති (22) හැවිරිදි විවාහකයකු බව පොලීසිය කියයි .
වෘත්තියෙන් සැටලින් බාස් වරයකු වන මොහුට මේ දිනවල පවතින ආර්ථික අපහසුතාවය නිසා සැටලින් වැඩ නොමැති වීමෙන් මීගොඩ ප්‍රදේශයේ අළුත් වැඩියා කරමින් තිබූ දෙමහල් නිවසක තවත් පුද්ගලයන් තිදෙනකු සමග පෙදරේරුවන්ට අත් වැඩ දෙමින් සේවය කර තිබේ .
මේ අවස්ථාවේ දී උඩුමහලේ එක් බිත්තියක් කපරාදු කොට අනෙක් බිත්තිය කපරාදු කිරීම සඳහා ඒ හරහා තාවකාලිකව ඇද තිබූ විදුලි රැහැන ඉන් ගලවා බිමට දමා එක් අතක ආධාරයෙන් පලංචිය වෙනත් තැනකට ගැනීමට යාමේදී අතෙහි සමබරතාව බිඳී පලංචිය බිමට වැටී තිබේ.
එම අවස්ථාවේදී කඩතොළු වූ වයරයෙන් කාන්දු වූ විදුලි සැර මෙම පුද්ගලයාට වැදීමෙන් විසිවී බිත්තියේ වැදී බිමට වැටී අනතුරට ලක්ව ඇති අතර ඔහුට සහය වීමට ගිය තවත් දෙදෙනකුට ද විදුලිසැර වැදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කණගාටුදායකයි... අප කවුරුත් සිහියේ තබාගත යුත්තේ අපේ ආරක්ෂාව සියල්ලටම වඩා වටිනා බව. අඩමානයේ වැඩ කිරීම සුදුසු නැහැ.