
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙණන චරිත කීපයක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේදී නොසිටි බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඔවුන්ගේ අනන්‍යතාවයට සහ හෘදසාක්‍ෂියට නොගැපෙන බව ඒ ප්‍රධාන මන්ත්‍රීවරු විශ්වාස කළේ යැයි සිතිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.
ඒ හේතුවෙන් එම යෝජනාවට එම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොලැබුණු බව පැහැදිළි වූ බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම දක්වාම ප්‍රයෝගයක් මෙන්ම රැවටීමක් බවත් කී පීරිස් මහතා කීය.
රුපියල් මිලියන ටි්‍රලියනයක දැවැන්ත මුදල හිමිකකම් කියන සේවක අර්ථ සාධක අරමුදලේ ඉරණම මෙහිදී තමන් ඇතුළු විපක්‍ෂයේ ප්‍රධාන ගැටලුව වූ බවත් සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු ප්‍රශ්නයක් නොවන්නේ යැයි රජය දිගින් දිගටම පැවසුව ද එය අසත්‍යයක් බවට පත් වූ බවත් ඒ මහතා කීය.
සේවක අර්ථ සාධක අරමුදල ගෙවන ආදායම් බද්ද දෙගුණයක් වන බව මහ බැංකුවේ අධිපතිවරයා මේ වන විට ප්‍රකාශ කර තිබීමෙන් එම අරමුදලයට බලපෑමක් වන බව පැහැදිළි බව ද පීරිස් මහතා පැවසීය.
එම ඡන්ද විමසීමේදී දෝෂ කීපයක්ම දැකිය හැකි වූ බවත් මහාචාර්යවරයා කීය.
නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වෙලාතියෙන හැමදේකටම මේ අයත් වගකියන්න ඕනෑ...