කොටි බෝම්බ 20 වාකරෙන් හමු වෙයි යුද හමුදා බුද්ධි අංශයටද ලද තොරතුරක් අනුව මඩකලපුව වාකනේරි ආනමනෙයි ප්‍රදේශයේ දී වලදමා තිබූ බෝම්බ විස්සක් හොයා ගත් බව වාලච්චේන විශේෂ කාර්ය බලකාය පවසයි. 10 November 2022
සැප වාහන සිද්ධියකට පියතුමා රිමාන්ඩ් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ජපානයේ සිට ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 80ක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් පියතුමෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 09 නියෝග කළේය. 09 November 2022
කෝවිඩ් මට්ටු කරන්න ගෙනා උපකරණ වැඩකට ගෙන නෑ කොවිඩ් වසංගත සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කෝටි 4.389 ක් වැය කර මිලදී ගත් ආරක්ෂිත ඇඳුම් (PPE set) 5000ක් හා ඇස් ආවරණ(safety goggles) 10200ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගබඩාවල පවතින බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 09 November 2022
ගාලුමුවදොර අදත් උණුසුම් වෙයි ආණ්ඩුවට එරෙහිව මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වූ අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති සැමරුව සහ නිහඬ විරෝධතාවට පොලිසිය බාධා කිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය. 09 November 2022
වසර 4 කින් මෙගාවොට් 2800 ක් ජාතික පද්ධතියට මෙගාවොට් 2800 ක් පමණ පවතින සම්ප්‍රේෂණ සහ ජනන යටිතල පහසුකම් යටතේ පුනර්ජනනීය බලශක්තිය ලෙස 2026 වසර වන විට ජාතික ජනන පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 09 November 2022
ඩොලර් පහක් හෝ හිඟා කන තරමට රට වැටිලා ඩොලර් පහක් හෝ විදේශයකින් හිඟා කන තරමට රට පහතට ඇද වැටී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ .සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 November 2022
පාකිස්තානයට කඩුලු 7 ක ජයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අද (09 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය කඩුලු 7 කින් පරාජය කළ පාකිස්තානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 09 November 2022
පාර්ලිමේන්තුව බලන්න එන දරුවන්ට කිරිවීදුරුවක් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 09 November 2022
ගිය අයට ආයෙත් එන්න වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණයට පිටුපා ඇමතිකම් ලබාගත් අයට අනාගතයේ දී යළිත් පක්ෂයට එන්නට සිදුවනු ඇතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 09 November 2022
බිත්තර මිල ගැන පාර්ශව දෙකක් ගැටුමක පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දින කීපයේදී සමස්ත රටම ආවරණය වන පරිදි වැඩි මිලට බිත්තර අළෙවි කිරීම් සම්බන්ධ වැටලීම් 145 ක් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 November 2022
නීතියක් මගින් හෝ පොරොන්දු දේශපාලනය නැති කළ යුතුයි ණයට කෑමේ ආදිනව උපරිමයට විඳිද්දීත් වත්මන් රජය යළිත් ඊ ලඟ ඡන්දය වෙනුවෙන් පොරොන්දු දේශපාලනය පටන් ගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 09 November 2022
ශ්‍රී ලංකාවෙන් දෙවැනි වඳුරු උණ රෝගයාත් හමුවෙයි වඳුරු උණ රෝගය වැළදුණු තවත් පුද්ගලයෙක් හඳුනාගත් බවත් එම රෝගියා ජාතික බෝවන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච්) ඇතුළත් කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 November 2022
කටුනායක පරිගණක පද්ධතිය යථා තත්වයට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය නිවැරදි කිරීමෙන් පසු එම ගුවන්තොටුපළේ ආගමන සහ විගමන ක්‍රියාවලිය යථා තත්වයට පසු පත් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 09 November 2022
මුදල් සභාවට නොදුන් අයි.එම්.වාර්තාව පිට ගියේ කොහොමද? පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට නොදුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම නොයෙකුත් පුද්ගලයන් ගේ අතට ගියේ කෙසේ දැයි සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළේය. 09 November 2022
පාකිස්තානයට ලකුණු 155 ක ඉලක්කයක් පාකිස්තානය සහ නවසීලන්තය අතර සිඩ්නි නුවරදී අද (09 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 4 ක් දැවී ලකුණු 154 ක් ලබාගත්තේය. 09 November 2022
ගාල්ලේ තරගය පැරදුණේ පාවාදීම් නිසයි ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ලේ පැවති ක්‍රිකට් තරගය පරාජය වූයේ මැච් ෆික්සිං (තරඟ පාවාදීම්) නිසා බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය. 09 November 2022
ධනුෂ්කගේ සිද්ධිය ජනමාධ්‍යයට විවෘත කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩුව සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවන අවස්ථාවේදී ජනමාධ්‍යවල වාර්තා කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බව සිඩ්නි නුවරින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 09 November 2022
අලුත් කාරක සභා ගැන හොයන්න කමිටුවක් පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවීමට යන ස්ථාවර කාරක සභා තුන සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මන්ත්‍රීවරුන් සිවු දෙනෙකුගෙන් යුතු විශේෂ කමිටුවක් පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ඊයේ (8) තීරණය කෙරුණු බවපාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 09 November 2022
ළඟදිම ඡන්දයක් එනවා ළඟදිම ඡන්දයක් එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 November 2022
ධනුෂ්කගේ සිද්ධිය ගැන ක්‍රීඩා ඇමති කරුණු විමසයි ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරතව සිටින ධනුෂ්ක ගුණතිලක පිළිබඳව ඉදිරි තීරණ ගැනීමට සහ තොරතුරු විමසීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිල කාර්යාලයේදී ඊයේ (8) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 09 November 2022
කාසියේ වාසිය නවසීලන්තයට පාකිස්තානය සහ නවසීලන්තය අතර සිඩ්නි නුවරදී අද (09 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. 09 November 2022
ගම්පහ පෞද්ගලික බස් රථ වර්ජනයක් ගම්පහ නගරයේ සිට මාර්ග හතක් ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ, අද (9) පෙරවරුවේ සිට ධාවනය කිරීම නවතා දමමින් වර්ජනයක් ආරම්භ කොට තිබිණි. 09 November 2022
’’වැල් වටාරම් කතා කරනකොට දරුවෝ හිනාවෙනවා’’ ’’වැල් වටාරම් කතා කරනකොට ගැලරියෙ ඉන්න දරුවෝ ඔබතුමාට හිනා වෙනවා’’ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 November 2022
ජනපති කළේ තර්ජනයක් නොවේ ජනපතිට අවශ්‍ය වූයේ ආංශික අධීක්ෂණ කාරක සභා කඩිනමින් පත් කරන ලෙසට ඉල්ලා සිටීම මිස තර්ජනයක් කිරීම නොවේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 November 2022
කන්දකාඩු ගැටුම ගැන බලන්න පස් පුද්ගල කමිටුවක් කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ. 09 November 2022
ජනාධිපතිගේ ලිපිය ගැන කිරිඇල්ල කතා කරයි පාර්ලිමේන්තුවේ වැඩ සෙමින් සිදුවන බව කිව්වත් විපක්ෂය ඉල්ලන තොරතුරු ආණ්ඩුවෙන් දෙන්නේ නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 November 2022
වනිඳු අංක 1 ට එයි මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 15 ක් දවාගනිමින්, මේ දක්වා වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා වී සිටින පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අන්තරජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම අනුව පළමු ස්ථානය ලබාගෙන තිබේ. මේ සඳහා වනිඳුට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 704 කි. 09 November 2022
කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතිය බිඳවැටෙයි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් මගීන්ගේ විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරිගණක පද්ධතිය නොමැතිව පරීක්ෂා කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය මීට සුළු මොහොතකට පෙර පැවසුවාය. 09 November 2022
ජන හා නිවාස සංගණනයක් ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයක් ලබන වසර (2023) මුල පැවැත්වීමට සැලසුම්කරමින් සිටින බව ජන ලේඛණ සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2022
පාස්පෝට් නිකුත් කිරීම යළි ඇරඹෙයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට යථා තත්වයට පත්කර ඇති බවත් අද (9) පෙවෙරුවේ සිට සාමාන්‍ය පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 09 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025