(නිමල කොඩිතුවක්කු)

වර්තමාන ආණ්ඩුව විසින් අලු‍ත් ආයුර්වේද සංශෝධන පනතක් හරහා මේ රටේ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම විනාශ කිරීමේ ප්‍රයත්නයකට සූදානම්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට නීති රාමුවක් අවශ්‍ය බව තමන් පිළිගන්නා නමුත්, ඒ නීති රාමුව සකස් කළ යුත්තේ ආයුර්වේද වෛද්‍ය සහ පාරම්පරික වෛද්‍ය අනු ක්ෂේත්‍ර දෙකටම ගැළපෙන පරිදි බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පාරම්පරික දේශීය වෛද්‍යවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.

මෙවැනි පනත් කඩිමුඩියේ ගෙන එනවාට වඩා කළ යුත්තේ, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව එක්ව මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් පැවැත්වීම බවත් ප්‍රේමදාස මහතා කීවේය.