(අංජුල මහික වීරරත්න)
ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි මහතා පැවසීය.
මෙරට බැංකු පද්ධතිය කඩා වැටෙන තුරු ඇතැම් පිරිස් බලා සිටියත් රට ආර්ථික වශයෙන් ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තරයේ ප්‍රසාදය පළ වී තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව සදහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (03) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
තමා පසුගියදා චීනයේ සිදු කළ සංචාරයේ දී චීනයේ මුදල් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ චීන එක්සීම් බැංකුවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ප්‍රගතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසාදය පළ කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේම කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළ බව පැවසූ අමාත්‍යවරයා චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම ද දන්වා සිටි බව පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් යහපත් ආර්ථික තත්ත්වයක් උදා කර ගනිමින් සිටින බව ජූනි මස 20 වන දින චීනයේ පළවූ බ්ලූම් බර්ඩ් පුවත් පතද සඳහන් කර තිබෙන බව විදේශ අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ වරායේ තවත් විකුණන්න දෙයක් තියනවද ?
අපට මතකයි මේ මහත්තයාගේ සමීප මිතුරෙකුත් එක වතාවක් කීවා " චීන සමාගමක් කොළඹ හොඳම ඉඩමක් අපෙන් ඉල්ලුවා. අපි දවස් දෙකෙන් තීරණයක් අරගෙන ඒ ඉඩම දුන්න. ඒගොල්ලෝ එතන සුපිරි හෝටලයක් හැදුවා." කියල.
චයිනා ආයෝජන ! කොමිස් 0% ද? හ හා හ හා...අපි නොදන්න මොණර තැන්න...
ආයෝජනයෙන් පසුව කථා කරමු. මුහුද හත්ගව්වක් තිබියදී අමුඩේ ගහන්න ඕනේ නැහැ ලොක්කා.