කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ ගින්නක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ දෙවැනි මහලේ ස්කැන් උපකරණ කාමරයක අද (10) පස්වරුවේ දි ගිණි ගැනිමක් ඇති වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය යු.එස්. පි. රංග මහතා පවසයි. 10 November 2022
පරිසරයට වින කටින වාහන අල්ලයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය අධික දුම පිට කරමින් මහමග ධාවනය කෙරෙන වාහන පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත. 10 November 2022
චීන පොහොර නැවෙි ප්රශ්නය විසඳන්න විදේශ අමාත්‍යාංශය අත දෙයි චීන කාබනික පොහොර නැව පිළිබඳ ගැටළුවට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් දීම සඳහා විදේශ අමාත්‍යාංශයේ සහයෝගය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 10 November 2022
රෝහල අප ජලය නගරයම අවදානමේ හෙළයි අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් බැහැර කරන අප ද්‍රව්‍ය සහ අප ජලය කෙලින්ම මල්වතු ඔයට මුසු වීම නිසා එහි ජලය පරිහරණය කරන වන්දනාකරුවන් සහ නගරයේ ජනතාව බොහෝ දෙනකුගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි නගර සභාව කියයි. 10 November 2022
මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අල්ලයි මිනුවන්ගොඩ දී පසුගිය දා සිදුවූ ත්‍රිත්ව ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු අද දහවල් අත්අඩංගුවට ගත් බව පදවිය පොලීසිය පවසයි. 10 November 2022
මැතිවරණ නැත්නම් ආධාරත් නෑ රට තුළ මැතිවරණ නොපවත්වන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කිසිසේත් මූල්‍ය සහයෝගයක් අපේක්ෂා කළ නොහැකි බවත් අයවැය පරතරය පියවාගැනීමට අනිවාර්යෙන්ම අපනයන සහ ආයෝජන ඉහළ නැංවිය යුතු බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (10) පැවසීය. 10 November 2022
කැබිතිගොල්ලෑව සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් වල්අලි ප්‍රහාරයකින් ගොවියකු මිය යාමෙන් පසුව සිදු වූ විරෝධතාවක් අතර තුර කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුලු පොලිස් නිලධාරීන්ට පොලූ මුගුරුවලින් පහරදී එක් පොලිස් සැරයන්වරයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින විහාරාධිපති හිමි ඇතුලු සැකකරුවන් 19 දෙනා ලබන 24 තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය. 10 November 2022
පොලොන්නරු දරුවෝ මන්ද පෝෂණයට බිලි වෙති පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය මේ වන විට ඉහළ යමින් ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඩබ්ලිව් කේ ඩබ්ලිව් සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය. 10 November 2022
භූ විද්‍යාවේ ලොක්කෝ දෙන්නෙක් වැලි ජාවාරමක භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා සහ අධ්යක්ෂ ජනරාල්වරයා ත්‍රිකුණාමලය සාෆිනගර් ප්‍රදේශයේ වැලි ජාවාරමක් ක්‍රියාත්මක කරන බවත් ඔවුන් දෙදෙනා අද ආරක්ෂා කරන්නේ ඇමැතිවරයා බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 November 2022
එංගලන්තය අවසන් තරගයට ඕස්ට්‍රේලියාවේ අඩිලේඩ් නුවරදී අද (10 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 10 කින් ඉන්දියාව පරාජය කළ එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 10 November 2022
මහියංගන ප්‍රා සභා සභාපති පොලිස් අත්අඩංගුවට මහියංගනය ප්‍රදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට පහරදුන්නැයි කියන පැමිණිල්ලක් මත එහි සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය කියයි. 10 November 2022
නීතිපති දෙපාර්ථමේන්තුව නීතියට ගරු කරන්නේ නෑ රටේ නීතිපති දෙපාර්තමේන්තුවම අද නීතියට ගරු කරන්නේ නැතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 November 2022
නීතිපති ප්‍රවේශයෙන් කඩ්ඩ හැලෙයි නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පෙනී සිටිය යුතු බවට ගෙන තිබෙන තීරණය වසර තුනකින් කල් දමන ලෙස නීති අධ්‍යයන සභාවෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද ( 10) පැවසීය. 10 November 2022
ඉන්දියාව කඩුලු 6 ට 168 යි ඕස්ට්‍රේලියාවේ අඩිලේඩ් නුවරදී අද (10 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. විරාට් කෝලි (50) සහ හර්දික් පාණ්ඩ්‍යා (63) අර්ධ ශතක ලබාගත්හ. 10 November 2022
’’අයිස් ගන්න අයගේ ජීවිත කාලය අවුරුදු දෙකයි’’ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයගේ ජීවිත කාලය වසර දෙකකට සීමා වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 November 2022
ජැකලින්ට ඇප දීම හෙටට කල් යයි සුකෙෂ් චන්ද්‍රශේකර් ට එරෙහිව මූල්‍ය අපරාධ අංශය ගොනුකර ඇති ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධි කරන නඩුවේ විත්තිකාරියක ලෙස නම් කර සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය ඉන්දියානු නිළි ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියගේ ඇප අයැදුම්පත්‍රය සළකා බැලීම සඳහා අද(10) එම නඩුව කැඳවිණ. 10 November 2022
සරසවි නවක වදය සී.අයි.ඩීයට විශ්ව විද්‍යාල නවක වදය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මින් ඉදිරියට අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 10 November 2022
වාහන මිළ සීඝ්රයෙන් පහළට රට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට පැවසීය. 10 November 2022
මිනිස්සු ඉන්නෙ ඡන්ද පිපාසෙකින් ලංකාවෙ ජනතාව අද ඉන්නේ ඡන්ද පිපාසෙකින් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 November 2022
මම බියගුළු වැඩ කරන්නේ නෑ පක්ෂය හැර දමා ආණ්ඩුවට පනින අය සිටිය හැකි වුවත් තමා එවැනි බියගුළු වැඩ නොකරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මාර්ෂල් ෆීල්ඩ් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 November 2022
එංගලන්තය පන්දු යැවීම තෝරාගනී විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඉන්දියාව අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. 10 November 2022
ලබන නිදහස් සැමරුමට පෙර උතුරේ ප්‍රශ්නයට විසඳුමක් දෙමළ ජනතාව මුහුණ දෙන උතුරේ ගැටලු බාහිර මැදිහත්වීම් වලින් තොරව ලබන වසරේ 75 වැනි නිදහස් සැමරුම් උත්සවයට පෙර සාමකාමීව විසඳා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 November 2022
රියදුරු බලපත්‍ර කාඩ්පත නිකුත් කිරීම සඳුදා ඇරඹේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර කාඩ්පත නිකුත් කිරීම ලබන සඳුදා (14 වැනිදා) ආරම්භ කරන බවත් එම අයදුම්කරුවන්ට කාඩ්පත තැපෑලෙන් යොමු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිශාන්ත වීරසිංහ මහතා අද (10) ‘ලංකාදීප’යට පැවසීය. 10 November 2022
අන්තරේ කැඳවුම්කරුගේ පෙත්සම විභාගයට තමන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිමෙන් මූලික අයිතිවාසිමක් කඩවී ඇතැයි සඳහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය. 10 November 2022
ගම්පහ පෞද්ගලික බස් වර්ජනය අවසන් ගම්පහ පෞද්ගලික බස් ධාවකයින් විසින් පවත්වාගෙන ගිය වර්ජනය , ගම්පහ පුරපති එරංග සේනානායක මහතා ඇතුලු අදාල අංශයන්හි නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව අවසන් කිරීමට තීරණය කොට ඇත. 10 November 2022
බිත්තර මිලේ ගැසට්ටුව තවමත් වලංගුයි බිත්තර සඳහා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය තවමත් වලංගුව පවතින බවත් එහි සඳහන් උපරිම මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥා ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය. 10 November 2022
ගෘහස්ථ-නුපුහුණු රැකියාවලට කාන්තාවන් යැවීම අත්හිටුවයි සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත වූවන් පිළිබඳව මේ වන විට උද්ගත වී ඇති තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් රැකියා නියෝජිතායතන හරහා විදේශ ගතකිරීම හෙට (11) වැනිදා සිට අත්හිටුවන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 10 November 2022
රැඳවියා වතුර ටැංකියට වැටී මරුට දින හතරක් නිරාහාරව සිටි රැඳවියකු මැගසින් බන්ධනාගාරයේ වතුර ටැංකියට වැටී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 10 November 2022
රටේ නීති පද්ධතිය නවීකරණය කරනවා පාර්ලිමේන්තුව රැස් වන දින ගණන වැඩි කර හෝ රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 November 2022
සංචාරක වීසා මගින් ඉසුරු සොයා යන්න හැදූ 586 ක් හරවයි මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ගතවූ කාලය තුළ සංචාරක වීසා උපයෝගි කරගනිමින් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකය පියවර ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 10 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025