බේරුවල බහුදින යාත්‍රා 40 ක ඩෙංගු කීටයින් බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා 40කට ආසන්න ප්‍රමාණයක ඩෙංගු කීටයින් හදුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය සදහන් කරයි. 16 May 2023
ඩොලරය පහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ. 16 May 2023
විදේශගත ලාංකිකයින්ට නිවාස ව්‍යාපෘතියක් විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සදහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 16 May 2023
තවත් යූරියා මෙට්‍රික් ටොන් 25000ක් එයි තවත් යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් විසිපන්දහසක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. 16 May 2023
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර පාර්ලිමේන්තු මහලේකම් ධුරය සඳහා වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පත් කර තිබෙි. 16 May 2023
සරණට එරෙහි නඩුවලට විරෝධතා ගොනු කරයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන අවභාවිතා කළ බවට හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතාට එරෙහි නඩු දෙකක් පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට ඔහුගේ නීතීඥවරු මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අද (16) මුලික විරෝධතා ඉදිරිපත් කළේය. 16 May 2023
හරක් හොරු 6ක් දැලේ කුරුණෑගල , බණ්ඩාර, කොස්වත්ත මඩිග මිදි වල ගම්මානයේ රහසිගත ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී ඝාතකාගාරයක් අද (16) වටලා ඝාතනය කරන ලද ගවයින් 06 ක් , මස් තොගයක් සමඟ සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදැයි වාරියපොළ පොලීසිය පවසයි 16 May 2023
පොළොන්නරුව ගල්වල පාර දුම්රිය හරස් මාර්ගය වසයි හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව දුම්රිය ස්ථාන අතර සැතපුම් 156 දම්. 8 ස්ථානයේ පිහිටි ගල්වල පාර දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ මස 20 වැනිදා පෙරවරු 8.00 සිට 21 වැනිදා පස්වරු 4.30 දක්වා සම්පූර්ණයෙන් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 16 May 2023
සැකකරු පොලිසියෙන් පනියි වරෙන්තු කිහිපයකට අදාළව සහ හෙරොයින් මිලිග්‍රෑම් 6400 ක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් තලවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු මාදිවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි. 16 May 2023
කුස ගින්නේ සිටි දරුවන් තිදෙනෙක් පොලිස් බාරයට කුසට ආහාරක් හෝ ඇඳිවතවත් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ සිටි බාලවයස්කාර දරුවන් තිදෙනකු සිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි. 16 May 2023
බොරැල්ලේ තරුණයෙක් කපා කොටා දාලා පුද්ගලයන් තිදෙනකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කඩා වැදී එහි සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. 16 May 2023
නෙළුවේ දැරියක් අතුරුදන් නෙලුව මහකන්දවත්ත ලිපිනයේ පදිංචි 7 හැවිරිදි අතුරලිය වික්‍රමගේ ටෙරාෂා පහන්දි නැමැති දැරිය ඊයේ (15) සවස් කාලයේ සිට නිවසේ නොමැති බවට දැරියගේ පියා නෙලුව පොලිසියට පැමිණිලි කර තිබේ. 16 May 2023
අණ නොතැකූ කැබ් රථයට වෙඩි වවුනියාව , ඊච්චන්කුලම , කල්මඩු සාලම්බන් හීදී පොලිස් විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයකු අනතුරට පත් කොට පළායාමට උත්සහා කළ කැබ්රථයකට වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය. 16 May 2023
‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් කරයි මෙරට පැරණිතම බෞද්ධ ගීතයක් වන ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) පැවසීය. 16 May 2023
බන්ධනාගාර රැඳවියෙක් රෝහලෙන් පලා යයි රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු රෝහලෙන් පලා ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 16 May 2023
ගණිකා නිවාසයක් වටලා 4 ක් අල්ලයි සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පාදුක්ක සේනානායක මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට විකිණීමේ මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකරු ඇතුලු කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 16 May 2023
සහල් සත්ව ආහාර වලට නොදෙන්න නියෝග 2023 යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර සඳහා දැනට පවතින සහල් තොග නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 May 2023
කෝටි 18,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ශ්‍රී ලංකා මහ බැංකුව ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට (17) පැවැත්වීමට සැළසුම් කර ඇති අතර එහිදී රුපියල් කෝටි 18,000 ක භාණ්ඩාගාර බිල්පත් අළෙවි කිරීමට නියමිතය. 16 May 2023
ලුණුගම්වෙහෙර පොළව සෙළවෙයි කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සුළු භූකම්පනයක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසයි. 16 May 2023
මෙරටට එවන්න තිබූ ගංජා කිලෝ 2000 ඉන්දියාවේදී අල්ලයි ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයන් 6 දෙනකු සහ වාහන දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ කීරෙයිතුරෙයි පොලිසිය පවසා සිටියි. 16 May 2023
කුවේටයෙන් පිටුවහල් කළ 32ක් දිවයිනට කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් ,එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැදී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ 32 දෙනෙක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ආහ. 16 May 2023
වල් අලි රංචුවක් මහ දවල් මහවිලච්චියට පනිති මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිඹුල් වැව, ආනන්ද විද්‍යාල භූමිය ආසන්නයට වල් අලි 50ක ගෙන් සමන්විත රංචුවක් කඩා වැදීම හේතුවෙන් එහි අවට ගම්මාන 6ක වැසියන් දැඩි භීතියට මෙන්ම නොසන්සුන් තාවයට පත් වූහ. 16 May 2023
අද දවසේ වැස්ස අඩු වේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 May 2023
‘‘ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුයි‘‘ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ සියයට 3 කින් හැකිලෙනු ඇතැයි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 16 May 2023
පිය - පුතු දෙපළට වෙඩි,-පියා මරුට:පුතාට තුවාල යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පියට සහ පුතාට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පියා මියගොස් පුතා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 16 May 2023
මහර බන්ධනාගාර කැරැල්ලට වගකිව යුතු රැඳවියන් අධිකරණයට ‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාර රැඳවියන් පැවැත්වු විරෝධතාවයේදී නිලධාරීන්ට පහර දුන් සහ බන්ධනාගාරයට හානි කළ රැඳවියන් 63 දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා රහස් පොලිසියට නියම කළේය. 15 May 2023
බන්ධනාගාර ලොක්කෝ ඉහළ අධිකරණයකට යන්න සැරසේ? ‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් මහර හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු බන්ධනාගර නිලධාරීන් ඉහළ අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 15 May 2023
ලියාපදිංචි අපරාධකරුවෙක් මාට්ටු සොරකම් නඩු 11 සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු 11 ක් ලබා සිටි පුද්ගලයකු හොරණ නගරයේදී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 15 May 2023
කල්ඉකුත් වූ බියර් කෑන් ගම්පහින් අල්ලයි ගම්පහ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක විකිණීමට තබා තිබූ කල්ඉකුත් වූ බියර් ටින් 22 ක් අත්අඩංගුවට ගත් බවත් එම නඩු භාණ්ඩ සහ එම සුපිරි වෙළෙඳසැලේ ප්‍රධානියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. 15 May 2023
පියාගේ මන්න පහරින් පුතා මරුට ඉදුරුව ඇටවලවත්ත එස්. ඕ. එස්. සුනාමි ගම්මානයේ දී පිය පුතු අතර ඇති වූ ගැටුමක් අතර තුර පියා එල්ල කළ පිහි පහරකින් පුතා මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි. 15 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026