IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වතුර නැතුව රොටවැව කුඹුරු අක්කර 450ක් අවදානමේ

(නිමල් ජයරත්න)

පොලොන්නරුව මහවැලි බී කලාපයට අයත් සිංහපුර මහවැලි කොට්ටාශයේ රොටවැව හරහා නිසිපරිදි තම කුඹුරුබිම් සඳහා ජලය නොලැබීමෙන් මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු අක්කර 450 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමක් පවතින බව කන්දකාඩු ගොවීහූ සඳහන් කරති.

රොටවැව වැවට ජල ප්‍රවාහන පද්ධතියක් නොමැති නිසා සිංහපුර දෙසින් එන ජලය ප්‍රමාණවත් නොවීමත්,   වැවේ ජලය සීග්‍රයෙන් අඩුවීම නිසා,මේ වනවිට කුඹුරු අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක පැළ ගොයම විනාශ වී ඇති බව 301 / ඩී 5, එස්.ඩී,2/3/ බෙදුම් ඇල ගොවි සංවිධානයේ සභාපති ඩී.එම්.ඩබ්ලිව්.ඩී. සුමිත්‍රපාල මහතා සඳහන් කළේය.

තම ගොවි සංවිධානයේ ගොවින් 136 දෙනෙකු මෙවර යල කන්නයේ අක්කර දෙකහමාර බැගින් වීවගා කර ඇති අතර එම වගාවට නිසිපරිදි ජලය නොලැබීම නිසා, තව සතියක් දෙකක් ඇතුළත වැවට ජලය ලබා නොදුනහොත් දින පහළොවේ, විස්සේ පැළ ගොයම සම්පූර්ණයෙන් විනාශ වීමේ අවධානමක් පවතින බවද සුමිත්‍රපාල මහතා කීය.

මෙම ගොවි සංවිධානයේ ජල පාලක ඩබ්ලිව්. ජී.ජී. ගුණතිලක මහතා සඳහන් කළේ රොටවැව යටතේ ඇලවල් දාහතරක් පවතින බවත්, වැවේ ජලය ප්‍රමාණවත් නොවීමෙන් එම ඇලවල් දාහතර, මගින් ජලය නිකුත් කිරීම ගැටලු සහගත තත්ත්වය පවතින බව‍යි.



අදහස් (0)

වතුර නැතුව රොටවැව කුඹුරු අක්කර 450ක් අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site