IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජපන් සැහැල්ලු දුම්රිය සේවයට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවනු පිණිස කොළඹ පිහිටි ජපාන රාජ තාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාල රාමුවක්  සකස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.



අදහස් (13)

ජපන් සැහැල්ලු දුම්රිය සේවයට කැබිනට් අනුමැතිය

prasanna Wednesday, 05 July 2023 12:27 PM

දැන් ඉතින් ඇමැතිලාට මාටියා ගැහිල්ලක් පමණයි තියෙන්නේ..!

:       19       14

M D Sarath Wednesday, 05 July 2023 12:51 PM

හොඳයි...!

:       1       23

පුරවැසියෙක්... (ගම්පහ) Wednesday, 05 July 2023 01:14 PM

මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය චම්පික රණවක හිටපු අමාත්‍යවරයා විසින් ගෙන එනු ලැබූ ඉතා වැදගත් ව්‍යාපෘතියකි. නමුත් පසුව පැවති රජයේ නොදරුවන් මෙන්ම ඔවුන්ට උපදෙස් ලබාදීම සිදු කළ පණ්ඩිතයින් නිසා මෙම ව්‍යාපෘතිය අහිමි විය. මෙය යළිත් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ඉතා වැදගත් වනු ඇත.

:       1       37

ලුම්බිණි Wednesday, 05 July 2023 02:06 PM

ඊ ළඟට බලයට එන අයට ආයෙත් නවතන්න ව්‍යාපෘතියක් තියෙනවා...

:       0       9

Jagath Wickramasekara Wednesday, 05 July 2023 02:29 PM

බොහෝම ස්තුතියි රනිල් ජනාධිපතිතුමනි...!

:       1       13

de silva Wednesday, 05 July 2023 02:47 PM

ඕකෙ කන්ටේනර් පටවන්න බැහැ කියපු අර මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් දැන් ලංකාවේ ඉන්නවද? ඉන්නේ එංගලන්තයේද? එංගලන්තයේ සැහැල්ලු දුම්රියවල කන්ටේනර් පටවාගෙන යනවද?

:       0       15

Sunil Wednesday, 05 July 2023 03:10 PM

ජපනාගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න වෙනවා වගේ පේනවා...!

:       0       4

Lalla Wednesday, 05 July 2023 05:19 PM

රාජපක්ෂ පවුල චීන කොමිස්වලට, කෑදරකමට නවතපු ව්‍යාපෘතියක්. මෝඩ මහැදුරා සල්ලිවලට උගත්කම විකුණාගෙන කාලා හත්පොලේ නෑවා.

:       1       1

de silva Wednesday, 05 July 2023 05:27 PM

රටට අත්‍යාවශ්‍ය ව්‍යාපෘතියක් රටේ ජනතාව උදේ හවස බස්වල දුක් විඳිනවා. මේ මගින් විශාල ලෙස කාලය ඉතුරු වෙනවා.

:       0       5

de silva Wednesday, 05 July 2023 08:36 PM

දේශපාලකයන්ට වාහන පර්මිට් නොදී බස් එකේ පාර්ලිමේන්තු යැව්වා නම් ලංකාවේ ප්‍රවාහන සේවය ගොඩක් දියුණු වෙලා...!

:       0       0

Manjula Rathnayake Thursday, 06 July 2023 05:53 AM

බන්දුලට කීයක් හරි හොයා ගන්න පුළුවන්

:       0       0

Amila Thursday, 06 July 2023 07:26 AM

මන් හිතන්නේ ඕක අඩු වියදමකින් කරන්න පුළුවන් හොඳම ක්‍රමේ තමයි ඔය පින්තුරයේ තිබෙන විදිහට පුළුවන් තරම් ප්‍රදාන මාර්ගය මැදින් ම ඔය දුම්රිය මාර්ගය දාන එක , එක එක අයගේ ඉඩන් බලෙන් අත්පත් කරගනන් ඕනෙත් නැහැ , ඒවාට ගෙවන්නැ යන වියදමත් ඉතුරුවෙනවා , කාර් එකක පලල ප්‍රමාණයක් විතරක් යටින් ඉඩ යන හින්ද ,දැන් තියන ප්‍රධාන මාර්ග වලින් ලොකු ඉඩ කඩ අසිරීමක් වෙන්නත් නැහැ . මගීන්ට ත් ඉතා පහසුයි

:       0       1

Sampath Thursday, 06 July 2023 07:45 PM

මේවා කරන්න කලින් බදු පටවන්න පුලුවන්ද කියලා අහන්න වෙයි වගේ .අපි නොරොච්චෝලේ අවුරුදු 25 ක් පස්සට දමපු මොරගහ කන්ද අවුරුදු 30 ක් පස්සට දාපු ජාතියක්. මේක හැදුවානම් දැන් අවසන් කරලා .චන්ද දායකයන්ට යස වැඩේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site