හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක ව්‍යාපෘතියක් හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් ව්‍යාපෘතිය සඳහා ඉඩම ලබා ගත්තේ එවකට සිටි ඇමතිවරයාගේ වුවමනාවට බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා පැවසුවේය. 11 November 2022
ජනපති මැඳුරෙන් හමුවූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්න අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) කොටුව පොලීසියට නියෝග කළේය. 11 November 2022
සති අන්තයේ විදුලි කප්පාදුව පැයයි එළඹෙන සති අන්තයේ (12 සහ 13) පැයක විදුලි කප්පාදුවක් සඳහා සහ ලබන සඳුදා (14) පැය දෙකක විදුලිය කප්පාදුවකටත් අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 November 2022
ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්න අනු කමිටුවක් මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සදහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අනුකමිටුවක් පත්කිරීමට කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී ඊයේ (10) තීරණය විය. 11 November 2022
එතනෝල් ආනයන බද්ද යළි ඉහළට විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 11 November 2022
වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සෞඛ්‍ය ලේකම්ට තර්ජනයක් දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබඳව රටට හෙළි කළ වෛද්‍ය චමල් සංජිව මහතාගේ වැඩ තහනම් කිරීම වහාම හකුලා නොගහොත් ඉදිරියේදී සෞඛ්‍ය ලේකම්වරයාට වෛද්‍ය වෘත්තිකයන්ගේ සහය අහිමි වනු ඇතැයි වෛද්‍ය සංගම් පවසයි. 11 November 2022
රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් රජීව් ගාන්ධි ඝාතනය කිරීමට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය. 11 November 2022
ඇමති ප්‍රසන්නගෙන් රාජ්‍ය නිලධාරීන්ට දොස් ජනතාව ඉල්ලන’’ සිස්ටම්’’ වෙනසට දේශපාලඥයින් එකඟ වුවද ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සදහා කටයුතු කරන බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 11 November 2022
විදේශ රැකියා පිළිබඳ පැමිණිලි 570ක් විදේශ රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයින් සහ ආයතන 570 ක් පිළිබඳව මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුළ පැමිණිලි ලැබුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 11 November 2022
වගා හානි වන්දි දීම ඇරැඹේ 2021/22 මහ කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් රුපියල් මිලියන 800ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 11 November 2022
පල්ලේගම හේමරතන නාහිමිපාණෝ වැඩ බාර ගනිති 11 වැනි අටමස්ථානාධිපති ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණෝ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී අද උදෑසන වැඩ බාර ගත්හ. 11 November 2022
අර්බුදට විසැදුම් මන්ත්‍රීවරු කියති ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආරක්ෂක වියදම් අඩු කළ යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති. 11 November 2022
ව්‍යවස්ථා සභාව පිහිටුවීමට ගත් අලුත්ම තීරණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අද හෙටම පත්කිරීමට තීරණය කර ඇත. 11 November 2022
අලුත් තානාපතිවරු හතක් ලංකාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු අට දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර බාර දුන්හ. 11 November 2022
ලූණු - අල මිල අසාමාන්‍ය ලෙස නගී ලූණු සහ අල මිල අද (11) දිනයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති. 11 November 2022
ඩයනාට රට ගමන් තහනම් ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (11) නියෝගක් නිකුත් කළේය. 11 November 2022
ලංකා සතොස තවත් මත්පැන් බලපත්‍ර ඉල්ලයි ලංකා සතොස තවත් අළෙවිසල් රැසකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ඉල්ලා ඇති බවත් රට පුරා ලංකා සතොස 27 ක මේ වන විටත් මත්පැන් අළෙවිසල් ක්‍රියාත්මක වන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලදාරියෙක් පැවසීය. 11 November 2022
විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක් ප්‍රමාද වී ඇති විශ්‍රාම පාරිතෝෂිකය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 11 November 2022
තරුණයන් දෙදෙනකු රෝහල් ගත කළ දැරියක මිය යයි සැක සිතන ආකාරයට තරුණයන් දෙදෙනු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බාලවයස්කාර දැරියක ඇතුළත් කර සුළු වේලාවකින් මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 11 November 2022
පාසල් දරුවන්ගේ තවත් ප්‍රශ්නයක් මැතිසබයට පාසල් පොත්පත් හා උපකරණවල මිල අහස උසට ගොස් ඇති හෙයින් එම භාණ්ඩ පහසුවෙන් ලබා ගැනීමට වැඩපිළිවෙළක් අරඹන්නයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 11 November 2022
’’පාසල් දරුවන්ට වෙනදාමෙන් ආහාර නැති බව පිළිගන්නවා’’ පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පිළිගත්තේය. 11 November 2022
පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දෙන්න රටේ සමස්ත පාසල් දරුවන් ආහාර ප්‍රශ්නයකට මුහුණ දෙන සිටින හෙයින් ඔවුනට දිවා ආහාර වේලක් නොපමාව ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 11 November 2022
හදිසි පක්ෂ නායක රැස්වීමක් අද මැති සබයේදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරු 11. 00 ට පැවැත්වීමට නියමිතය. 11 November 2022
අඩුපීඩන කලාපය තමිල්නාඩුව දෙසට ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින අඩුපීඩන කලාපය උතුරු වෙරළට ආසන්නව තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන්කිරීමේ හැකියාවක් පවතින බැවින් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 November 2022
තිළිණිගේ ගිනුම් හතරක තොරතුරු ඉල්ලයි මොරටුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි හතරක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය ට අයත් පුද්ගලික බැංකු ගිණුම් හතරක සවිස්තර වාර්තා අධිකරණය වෙත ලබා දෙන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම පෞද්ගලික බැංකු කළමනාකරුවන් වෙත අද (10) නියෝගයක් නිකුත් කළේය . 11 November 2022
ගල් අඟුරු ගනුදෙනු ගැන කෝප් කමිටුවෙන් නියෝගයක් ගල් අඟුරු මිලදීගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ප්‍රධානින්ට නියෝග කළේය. 11 November 2022
බේරුවල ව්‍යාපාරිකයෙක් ගිනි අවි සමග මාට්ටු බේරුවල දීනගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී නීති විරෝධී ගිනි අවි 3 ක්, ජීව උණ්ඩ 630ක් සමග සැකකාර හැවිරිදි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 11 November 2022
ව්‍යාවස්ථා කෙටුම්පත තවම නැතත් කෝටි තුනක් වැය කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරිම වෙනුවෙන් 2020 සහ 2021 වසර දෙකේදි රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 10 November 2022
පෝෂණ ආහාර වර්ග තුනක් මාතර තහනම් ඇල්ෆටොක්සීන් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් සුපෝෂ,ලක්පෝෂ හා නැණපෝෂ යන අතිරේක ධාන්‍ය ආහාරමය නිෂ්පාදන මාතර අධිකරණ බල සීමාව තුල විකිනීම හා බෙදා හැරීම තහනම් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් සමන් ඩී.කේ.පරණ ලියනගේ මහතා පෙරේදා (09)තහනම් නියෝගයක් නිකුත් කළේය. 10 November 2022
එතෙරින් ආ කුඩු පාර්සලය ගන්න ආ තරුණිය මාට්ටු විදේශ රටක සිට ගුවන් මගින් එවා තිබු පාර්සලයක මත්ද්‍රව්‍ය තිබිම හේතුවෙන් එම පාර්සලය ලබා ගැනිමට ගාල්ල ප්‍රධාන තැපැල් කාරයාලයේ විදේශිය පාරසල් අංශයට පැමිණි තරුණියක අද (10) සවස අත්අඩංගුවට ගත් බව මත්ද්‍රව්‍ය නාශක කාරයංශය කියයි. 10 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025