(හේමන්ත දි සිල්වා)
කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ සිට 35 හැවිරිදි දෙදරු මවක ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියගොස් ඇතැයි කොළඹ අක්ෂි රෝහලෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ බොරලුකැටිය දකුණ පදිංචි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවකි.
මියගිය කත මිට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර ශල්‍ය කර්මය කළ අගේ ඇසේ ඇතිවූ අසාත්මික තාවයක් හේතුවෙන් ඇය යළි පෙරේදා (4) අක්ෂි රෝහලේ වෛද්‍යවරුන්ට පෙන්වා ඇත
එහිදී වෛද්‍යවරුන්ගේ නියමයකට අනුව යළි එම ඇසේ ශල්‍ය කර්මයක් කිරීමට එදිනම රෝහලට ඇතුළත් වී ඇති අතර ඇයට ඊයේ (5) දින ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
එසේ ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසු ඇය සිහි නොලබාම මියගොස් ඇතැයි පවුලේ ඥාතීහු පවසයි.
ශල්‍ය කර්මය කිරීමට ඇයට ලබාදුන් නිර්වින්දන ඖෂධය විස වීම නිසා මෙම මරණය වන්නට ඇතැයි පවුලේ ඥාතීහු සැකකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසට කාච දැමීමේදී සිහි නැති කරනවාද? මගේ ඇස් දෙකටම කාච දැම්මා සිහි නැති කලේ නැහැ.
කලාසූරී මොහිදීන් බෙග් මාස්ටර් මේවාගේම අවාසනාවන්ත සිද්ධියකින් තමයි අපෙන් වෙන් උනේ.
බෙහෙත් හා එන්නත් පරණ වෙලා.කල් ඉකුත් වෙලා.මේ බව සෞඛ්‍ය ඇමති හා අදාළ බලධාරීන් දන්නේම නැතිද ? එසේ නැතිනම්,දැනගෙන නොදැන වගේ ඉන්නවාද ? මේ ආකාරයට රජයේ රෝහල් වල රෝගීන් නිතර නිතර බල්ලන් බළලුන් මෙන් මියයන රටක විශාල වැටුප් හා සියලු පහසුකම් වරප්‍රසාද ලබනා සෞඛ්‍ය ඇමති වරයෙකු හා සෞඛ්‍ය බලධාරීන් සිටිනුයේ කුමන කෙන්ගෙඩියක් සඳහාද ?
කිසිම කෙනෙක් කිසි දේකට වගකීමක් ගන්නේ නැති අවාසනාවන්ත රටක් .අපරාදේ අහිංසක මිනිස්සු
රජයේ රෝහල් මිනිස්සුන්ව සත්තු ගානටයි සලකන්නේ . රජයේ රෝහල් කියන්නේ රෝහල් සේවකින්ගේ අම්මා අප්පාගේ බුදලේ නෙවේ . මේ ක්‍රමය වෙනස් විය යුතුයි . ජනතාව ඊට විරුද්දව නැගී සිටීමේ කාලයයි මේ. අසරණ මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන රජයේ රෝහල් වල සේවකින්ට සහ දේශපාලකින්ට ශාප වේවා !
රජයේ රෝහල් මිනිස්සුන්ව සත්තු ගානටයි සලකන්නේ . රජයේ රෝහල් කියන්නේ රෝහල් සේවකින්ගේ අම්මා අප්පාගේ බුදලේ නෙවේ . මේ ක්‍රමය වෙනස් විය යුතුයි . ජනතාව ඊට විරුද්දව නැගී සිටීමේ කාලයයි මේ. අසරණ මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන රජයේ රෝහල් වල සේවකින්ට සහ දේශපාලකින්ට ශාප වේවා !