
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් අද නිකුත් කෙරිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා රුපියල් 50.00 ක වටිනාකමින් යුත් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පුස්තකාලයේදී අද (06) සිදුවිය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කෙරිණ. මේ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, තැපැල්පති එම්.ආර්.පි. සත්කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ?
මුද්දරයේ මන්ත්‍රීගේ මුහුණ තිබුනා නම් .සීල් එක ගහලා හිත සතුටු කරගන්න තිබුනා
ඇයි මුද්දර විතරද ? ගහන්නකෝ මුදල් නෝට්ටු. කාර් වගේ දේවලුත්
සෙන්කෝලයට වඩා හොඳයි zoo එකේ ලකුණ දැම්මා නම්
නරකද වහුකුණු මුහුණු ටික දාලාම මුද්දරේ ගැහුවා නම්... කෙළගහන හැටි බලාගන්න පුළුවන් වේවි...
මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා? හොරාකාලා යහමින් මඩිය තරකරගත්තු අයට මුද්දරය මොකද්ද?
ලියුම් කවර ටිකකුත් දෙන්න...