
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටෙි නීති දුර්වල නම් පොල් ගෙඩිය අටක් හොරකම් කළ මිනිහා හිරේ යන්නේ කොහොමදැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තිබෙන නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණක් බවද තෝරු මෝරු නීතියෙන් ගැලවෙන බවද කී දිසානායක මහතා මෙය චෞර වළල්ලක් බවද එම දූෂිත වළල්ල මැඩ පවත්වන්න නම් ශක්තිමත් දේශපාලනයක් අවශ්‍ය බවද කීය.
නීතියෙන් පමණක් මෙය කළ හැකි යැයි සිතනවා නම් ඒ මරිමෝඩ කතාවට අප අහුවෙන්නෙ නැතැයි අනුර දිසානායක මහතා පැවසීය.
"අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එන්න කියනකොට නයා කනවා නම් ඒක නීතියේ ප්‍රශ්නයක්ද? නයා ගේ ප්‍රශ්නයක්ද? නැහැ දේශපාලනයේ ප්‍රශ්නයක්.
දූෂිතයෙක් කවදාවත් දූෂකයෙකු ට දඬුවම් දෙන්නේ නෑ.එ්න නිකං අපේක්ෂිත ඇප වගේ යැයි අනුර දිසානායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි ජෙප්පෝ තමයි ලෝක හොරු .කිසිම ආදායමක් නැතිව සැපවත් ජීවිත ගත කරන මොවුන්ගේ ඇතුලාන්තය සොයන්නේ කවුද .නමුත් අපි සුදනො
ඔව්, ඔව්.... ඔය තෝරු, මෝරු කියන අයව බලයට ගේන්න හවුල් ආණ්ඩු, සන්ධාන, ගැහුවේ කවුද?
මුගේත් කට විතරයි... ඕස්ට්‍රේලියා ඇවිත් කොස්තාගේ බිම්මල් බැලුවට එහේ විශ්වවිද්‍යාලයකට ගියාද ළමයින් ඉගෙන ගන්න විදිහ බලන්න.. ??? මුන්ගේ අන්තරේ පිංගුත්තරයන් ලංකාවේ විශ්වවිද්‍යාල වලට රිංගලා කරන අපරාධ මූට පේන්නේ නෑ .... SYSTEM CHANGE
දුප්පත් මිනිස්සුන්ට රටේ ඉන්න හොදම ලොයර්ල අල්ලගන්න පුළුවන් නම් ඔවුන්ටත් නීතියෙන් ගැලවෙන්න පුළුවන්.
මීමෝ දෙන්නෙක් ,කොහෙද යන්නේ මල්ලේ පොල් කමෙන්ට් ලියයි