(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව වී වර්ග හතරක් හඳුන්වා දී තිබේ.
2022 වසර සඳහා වන කාර්ය සාධන වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
ඒ අනුව Ld 376, BG 377, At 378, BG 381 යන වී වර්ග හතරක් හෙක්ටයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා දෙන වී වර්ග වශයෙන් හදුන්වා දී තිබේ.
Ld 376 වී ප්‍රභේදයෙන් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4-6 දක්වා අස්වැන්නක් වියලි හා තෙත් කලාපයේ කුඹුරු වලින් ලබා ගත හැකි බව අමාත්‍යාංශය පවසයි.
BG 377 වී ප්‍රභේදය ද වියලි කලාපයේ කුඹුරු වල පහසුවෙන් වගා කළ හැකි අතර හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක් ලබා ගත හැකිය.
At 378 වී ප්‍රභේදය වියලි හා තෙත් කලාපවල වගා කළ හැකි වී ප්‍රභේදයකි. තෙත් කලාපයේ කුඹුරු වලින් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 5.3ක් හා වියලි කලාපයේ කුඹුරු වලින් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 7.3ක අස්වැන්නක් මෙම වී ප්‍රභේදය වගා කිරීම මගින් ලබා ගැනීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
BG 381 වී ප්‍රභේදය ද ඉහල අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේදයකි.මෙයින් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක් ලබා ගත හැකි බව අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පර්යේෂකයින්ගේ එකම අරමුණ අස්වැන්න පමණක් වගෙයි පෙනෙන්නේ. අනිකුත් අත්‍යාවශ්‍ය සාධක ගැන කතා නොකරයි. මේවා භාවිතා කර ගොවියා අමාරුවේ වැටුනාම ගොඩගන්නේ කවුද..?
නව වී ප්‍රෙභ්ද ගොවීන් හට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබාගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි...