ගෘහස්ථ-නුපුහුණු රැකියාවලට කාන්තාවන් යැවීම අත්හිටුවයි සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත වූවන් පිළිබඳව මේ වන විට උද්ගත වී ඇති තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් රැකියා නියෝජිතායතන හරහා විදේශ ගතකිරීම හෙට (11) වැනිදා සිට අත්හිටුවන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 10 November 2022
රැඳවියා වතුර ටැංකියට වැටී මරුට දින හතරක් නිරාහාරව සිටි රැඳවියකු මැගසින් බන්ධනාගාරයේ වතුර ටැංකියට වැටී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 10 November 2022
රටේ නීති පද්ධතිය නවීකරණය කරනවා පාර්ලිමේන්තුව රැස් වන දින ගණන වැඩි කර හෝ රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 November 2022
සංචාරක වීසා මගින් ඉසුරු සොයා යන්න හැදූ 586 ක් හරවයි මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ගතවූ කාලය තුළ සංචාරක වීසා උපයෝගි කරගනිමින් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකය පියවර ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 10 November 2022
ඩෙංගු යළි හිස ඔසවයි රටපුරා නැවතත් ඩෙංගු උණ රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. 10 November 2022
ස්ටාලින් ගුරුවරියන්ගේ ඇඳුම ගැන විමසුමකට යයි ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසිමක් ආරම්භකර ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි. 10 November 2022
ඉන්දියාවට ප්‍රබල භූ කම්පනයක් ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ ප්‍රාන්තයේ අද (10) උදෑසන භූමි කම්පාවක් හටගෙන තිබේ. 10 November 2022
ජනපති පාර්ලිමේන්තුවට එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. 10 November 2022
ඇමෙරිකාවේ මාරක බැක්ටීරියා වසංගතයක් ඇමෙරිකාවෙන් ‘ලිස්ටීරියා’ බැක්ටීරියා වසංගතයක් වාර්තා වේ. මේ වනවිට ඇමෙරිකාවේ ජනපද 6 කින් ආසාදිතයන් 13 දෙනකු වාර්තා වී ඇති බවත් එක් අයකු මියගිය බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති. 10 November 2022
රට ගොඩගන්න හිටපු මන්ත්‍රී අම්ජාඩ්ගෙන් යෝජනාවලියක් ආර්ථික උද්ධමනය හමුවේ රටේ පවුල් ලක්ෂ පහළොවකට අයත් ලක්ෂ අනුවකට ආසන්න පිරිසක් තුන්වේල පවා සරි කර ගැනීමට නොහැකිව අන්ත දුක්ඛිත තත්වයට පත්ව සිටින මොහොතක දේශපාලඥයන්,රජයේ උසස් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු ලක්ෂ දොළහකට වැඩි පිරිසක් තවමත් සුපිරි සැප විඳින බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරලත් ඉංජිනේරු එම්.එම්.එම් අම්ජාඩ් මහතා පැවසීය. 10 November 2022
ඩයනාගේ තොරතුරු කඩිනමින් ඉල්ලයි ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධ නඩුව කඩිනමින් විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) නියෝග කළේය. 10 November 2022
ජනපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් (David Malpass) මහතා අතර හමුවක් COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී පැවැත්විණ. 10 November 2022
බිල වැඩි යැයි මනු කියවන්නාට පහරදීලා ජල බිල වැඩිව තිබෙන බවට ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් අද උදැසන මනු සටහන් කියවන්නාට රෝහල් ගතවෙන්නට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය පවසයි . 10 November 2022
’’ආශාවරී’’ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රශ්නයක් නෑ ආශාවරී සංගීත කණ්ඩායම ගැන අධ්‍යාපන අමාත්‍යංශයට ප්‍රශ්නයක් නැතැයි සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 November 2022
වැට් බදු පනතේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කෙරෙන හෙයින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 10 November 2022
ලාංකිකයන් 8ක් නයිජීරියානු ආරක්ෂක අංශ භාරයට ‘හිරෝයික් ඉදුන්‘ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ශ්‍රී ලාංකිකයන් 8 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලය නයිජීරියානු ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. 10 November 2022
කැබිතිගොල්ලෑව සැරයන්ගේ ඝාතන විමර්ශන මැදවච්චියට කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකුට පොලු මුඟුරුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්. එම්. රත්නායක මහතාට පැවරීමට කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් ඉන්දික ලොකුහෙට්ටි මහතා කටයුතු කළේය. 10 November 2022
සනත් නිශාන්තගේ වීඩියෝ පට අභියාචනාධිකරණය ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන තුනක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකයේ ඇති විඩියෝ පට දෙසැම්බර් 12 වැනි දා අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද නියෝග කළේය. 10 November 2022
ඇඹුල් කෙසෙල් වලින් ඩොලර් ඉපැයීම අරඹයි ශ්‍රී ලංකාවෙන් පළමුවරට විදේශ වෙළෙඳපොළට අපනයනය කරන ඇඹුල් කෙසෙල් කිලෝ ග්‍රෑම් 12,500ක තොගය ලබන 26 දා ඩුබායි වෙළෙදපොළට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 10 November 2022
මාස තුනක් තිස්සේ වැඩිහිටි දීමනාව නෑ වැඩිහිටි දීමනාව මාස තුනකින් ලබාදී නැතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 November 2022
මාධ්‍යවේදීන් දෙදෙනෙක් රහස් පොලිසියට කැඳවලා ’’ෆේස්බුක් එකේ’’ ගිය ’’පෝස්ට් එකක්’’ ශෙයා කිරීම නිසා මාධ්‍යවේදීන් දෙදෙනෙකු රහස් පොලිසියට කැඳවා ඇතැයි ද ආණ්ඩුව දිගටම මේ ආකාරයට කටයුතු කළොත් තවත් අරගලයක් අත ළඟ බව ද සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රි මයන්ත දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 November 2022
ජනාධිපති එයි දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනට පැමිණියේය. 10 November 2022
ගිනිකොණ කැළඹේ වැස්ස වැඩි වේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 November 2022
ණය කළමනාකරණය සාකච්ඡාවකට ජනපති එක්වෙයි ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී පැවැත්වෙන COP 27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා (Kristalina Georgiva), ගහනාවේ මුදල් අමාත්‍ය කෙන් ඔෆෝරි අට්ටා (Ken Ofori-Atta) සහ මාලදිවයිනේ කථානායක මොහොමඩ් නෂීඩ් යන මහත්වරු අතර හමුවක් අද (08) පැවැත්විණි. 10 November 2022
චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක් තුන්වෙනි චාල්ස් රජතුමාට සහ කැමිලා බිසවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 23 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව යෝර්ක් පොලිසිය ප්‍රකාශ කර තිබේ. 10 November 2022
කොටි බෝම්බ 20 වාකරෙන් හමු වෙයි යුද හමුදා බුද්ධි අංශයටද ලද තොරතුරක් අනුව මඩකලපුව වාකනේරි ආනමනෙයි ප්‍රදේශයේ දී වලදමා තිබූ බෝම්බ විස්සක් හොයා ගත් බව වාලච්චේන විශේෂ කාර්ය බලකාය පවසයි. 10 November 2022
සැප වාහන සිද්ධියකට පියතුමා රිමාන්ඩ් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ජපානයේ සිට ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 80ක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් පියතුමෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 09 නියෝග කළේය. 09 November 2022
කෝවිඩ් මට්ටු කරන්න ගෙනා උපකරණ වැඩකට ගෙන නෑ කොවිඩ් වසංගත සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කෝටි 4.389 ක් වැය කර මිලදී ගත් ආරක්ෂිත ඇඳුම් (PPE set) 5000ක් හා ඇස් ආවරණ(safety goggles) 10200ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගබඩාවල පවතින බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 09 November 2022
ගාලුමුවදොර අදත් උණුසුම් වෙයි ආණ්ඩුවට එරෙහිව මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වූ අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති සැමරුව සහ නිහඬ විරෝධතාවට පොලිසිය බාධා කිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය. 09 November 2022
වසර 4 කින් මෙගාවොට් 2800 ක් ජාතික පද්ධතියට මෙගාවොට් 2800 ක් පමණ පවතින සම්ප්‍රේෂණ සහ ජනන යටිතල පහසුකම් යටතේ පුනර්ජනනීය බලශක්තිය ලෙස 2026 වසර වන විට ජාතික ජනන පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 09 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025