
(අමදෝරු අමරජිව සහ මලිත් රාජපක්ෂ)
කන්තලේ නගරය හරහා අද දහවල් හමාගිය තද සුළගකින් නගර මධ්‍යයේ පිහිටි ටෙලිකොම් සන්නිවේදන කුළුණ ඒ අසළ පිහිටි තැපැල් කාර්යාලයේ වහලය මතට කඩා වැටිමෙන් පස් දෙනකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
රෝහල් ගතකළ තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන අතර ඔවුන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජී.පෝල් රොෂාන් මහතා පැවසීය.
සන්නිවේදන කුළුණ තැපැල් කාර්යාලයේ වහලයට කඩා වැටිමෙන් වහලයට දැඩිලෙස හානි සිදුවි ඇති අතර වහලයෙන් ගැලවි විසි වි ගිය කොටස් වැදිමෙන් තුවාල වු පස් දෙනාම තැපැල් කාර්යාල සේවකයන් බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
මෙම ටෙලිකොම් පරිශ්‍රය තුළ සන්නිවේදන කුළුණු දෙකක් ඇති අතර මීට වසර 10ට පමණ පෙර ඉදිකරන ලද උසම කුළුණ තද සුළගට හසුවී මෙලෙස තැපැල් කාර්යාලයේ වහලය මතට කඩා වැති තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ ආයතන කරන ඉදිකිරීම්වල ගුණාත්මක බව පේනවා ඒ ගමන්ම කියන්න ඕනෑ ඕක හැදුවට පස්සේ නඩත්තුවක් එහෙම කරන්න නැතුව ඇති කියලා කළා නම් ඒක තීන්ත ගෑමට සීමා වෙන්න ඇති...