IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උඩරට දුම්රිය මඟේ දුම්රියක් පිලී පනී

(ශාන්ත චන්ද්‍රසිරි )

උඩරට දුම්රිය මාර්ගයේ  තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීළි  පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද  (05) උදෑසන සිට බාධා එල්ලවී   ඇතැයි  නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වු අංක 1520 දරණ  දුම්රිය  මෙසේ පීළි  පැනීමකට ලක් ඇති බවත්, ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ගයට ගස්, දුරකතන කණු  හා පස් කඳු   කඩා වැටීම් ද වාර්තා වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

දුම්රියේ එන්ජිම සහිත කොටස  මෙසේ පීලි පැනීමට ලක් ව ඇති බවත්, ඒ හේතුවෙන්  දුම්රිය  පීලි ගත කිරීමට යම් කිසි දිඟු කාල වේලාවක් ගත වෙනු ඇති බවත්, දුම්රිය සේවකයන් දුම්රිය පීලී ගත කිරීමේ කටයුතුවල නිරතව  සිටින බවද  නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මගිහු දැඩි දුෂ්කරතවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටිනු දක්නට ලැබිණි.

 



අදහස් (0)

උඩරට දුම්රිය මඟේ දුම්රියක් පිලී පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site