IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දන්සලෙන් පසු මත් සාදයක්:විරුද්ධ වුණාට පොරෝ පහර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඇසළ පුන් පොහොය නිමිත්තෙන් විල්ගමුව හසලකප්‍රධාන මාර්ගයේ 37 ඇළට හැරෙන හන්දියේ පැවැති දන්සලක් අවසානයේ එම ස්ථානයේ මත්පැන් සාදයක්පැවැත්වීම සම්බන්ධයෙන් හටගත් බව කියන ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයකුට පොරවකින් කෙටිම නිසා එම පුද්ගලයා බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි විල්ගමුව පොලිසිය පවසයි.

දන්සල අවසානයේ ඊට මූලිකත්වය ගෙන කටයුතු කළ බව කියන පිරිසක් දන්සල පැවති ස්ථානයේ මත්පැන් සාදයක් පවත්වා ඇතැයි පොලිසිය පවසයි.

ඊට පුද්ගලයකු විරෝධය පළ කළ අවස්ථාවේ ඔහුට එතැන සිටි දෙදෙනකු විසින් පහරදීමක් සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පහරදීම සිදුකර ඇතැයි කියන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන දෙදෙනෙක් යැයි කියති .

පහර කෑ පුද්ගලයා මේ බව ඔහුගේ පුතකුට දැනුම් දී ඇතැයි පොලීසිය පැවසී ය.

පහර කෑමට පුද්ගලයා ගේ පුතා ඔහුගේ මිතුරකු ද කැටිව ගොස් දන්සල පැවති ස්ථානයේ මත්පැන් සාදය පවත්වමින් සිටි බව කියන පිරිස සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.

 



අදහස් (2)

දන්සලෙන් පසු මත් සාදයක්:විරුද්ධ වුණාට පොරෝ පහර

ලුම්බිණි Wednesday, 05 July 2023 09:53 AM

හදිසියෙන් තමයි කරපු පින් එවෙලේම පලදෙන්නේ.

:       1       0

බද්රානි Wednesday, 05 July 2023 03:00 PM

ෆන් එකට දන්සල් දාන තැනක ජොලියට මත්පැන් ටිකක් ගත්තට මොකද වෙන්නේ...? හොඳ වැඩේ උපාසක අප්පුට, සෝබනේට පණ්ඩිතකම් කතා කරන්න යනවට...! "ජපානේ පන්සල ඇතුලේ අර ගල් කන්දේ සුදන්තයට කොල්ලන්ට ගල් කපන්න හොඳයි. දන්සල ඇතුලේ අරක්කු ටිකක් බිව්වම තමයි මුන්ට කුලප්පුව හැදෙන්නේ...."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site