IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මුතු රාජා යළි දෙන්නෑ

(විමුක්ති එස් රුද්‍රිගු සහ ළහිරු හර්ෂණ)

මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා මහතා ප්‍රකාශ කර ඇත.

වසර 22 කට පසුව තායිලන්තයට පැමිණිමෙන් පසු නව පරිසරයට ඉක්මණින් හුරු වූ බවත් මුතු රාජා තායිලන්තයේ සිටින ජනප්‍රියම ඇතා බවට පත්වී අවසන් බවත් වරවුත් මහතා පවසා තිබේ.මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා දෙන්නේද යන ප්‍රශ්නයට ඉඩක් නොමැති බව වරවුත් මහතා ප්‍රකාශ කර ඇත.

බැංකොක් නුවර සිටින ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ භික්ෂුවකගේ දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.දින 30 ක නිරෝධායන කාලය අවසන් වූ පසු දකුණු ඇසේ සුද ඇති වී සිටින මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටින අනෙක් ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතෙකුට සුළු තුවාල ඇති වී තිබුණත් ඔවුන් රැක බලාගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බව තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්ව විද්‍යාල තායිලන්ත ඇතුන් දෙදෙනා රැක බලාගැනීමට එම විශ්ව විද්‍යාල වලට හැකි බවට තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා ඇතැයි අමාත්‍යවරයා පවසා ඇත.



අදහස් (10)

මුතු රාජා යළි දෙන්නෑ

නොයෙල් ජනප්‍රිය Wednesday, 05 July 2023 09:08 PM

දෙන්නත් එපා.ඒ වගේ වටින සතෙක් මේ රටේ ඉන්න කහකඩයන්ට පරෙස්සමෙන් බලාගන්න බැරිනම් තව මොන කතාද.

:       3       28

samThursday, 06 July 2023 01:31 PM

වැස්සට තෙමෙනවා අවුවට වේලනවා, පැය 24රේම මාව දම්වැල් වලින් ගැට ගහලා තියෙන්නේ, මම ගිය ආත්මේ විශාල පවක් කරලා ඇති රැහෙන් වෙන්වෙලා මේවගේ තනියම ඉන්න, කන්න දෙනවා නාවනවා, ඒ උනත් මට නිදහසක් නෑ, නිදහස කියන්නේ මේ ලෝකේ ඉන්න සියලු සත්වයාට සොබා දහමින් ලැබුණු දෙයක් එකට සිමාවන් දන්නා කාටවත් බෑ. මාව මෙතන තියාගෙන මගේ නිදහස නැති කරලා වසරකට එක පාරක් දළදා වහන්සේ වැඩමවන්න මාව එක්ක යනවා, අපිට කියලා වන්දවා ගන්නවා.. එක හරිද කියන්න මම දන්නේ නෑ , මට මගේ නිදහස නැති කරලා, මගේ එවුන් එක්ක ඉන්න තියෙන නිදහස මට නැතිකරලා මාව තනි කරලා පින් ලබාගන්න, මාව පෙරහරේ ගිනිහින් ලබා ගන්න පින ගැන වෙනම කතා කලයුතු දෙයක්.. ඉතින් බුදු දහමේ සදහන් වෙනවා සතුන්ට හනිකිරිම හිංසා කිරීමම පාපයක් කියලා. ඒක නොදැන මෙහෙම කරනවද කියලා මට තේරෙන්නේ නෑ . නමුත් මට එක දෙයක් කියන්න පුළුවන් පින් කරගන්න, සංස්කෘතිය කරන්න ගිහින් මිනිස්සු නොදනිම ගොඩක් පවු පුරවා ගන්නවා. ඒ මට හිතෙන හැටි.. අපිත් කැමති නිදහසේ ජිවත් වෙන්න එක අපේ අයිතිය....කවද හරි දවසක මේ ලොකු පන්සල්වල ඉන්න අලි ඇතුන් නිදහස් කරන දවසක් එවි, එක්කෝ නීතියෙන් නැත්නම් සොබාදහම එක්කෝ මේ දෙකම..

:       0       1

pakeer Wednesday, 05 July 2023 09:35 PM

ඇති යන්තම් උන්ට මොලේ පෑදුනා

:       1       24

සංජු Thursday, 06 July 2023 06:43 AM

රෙද්ද පල්ලේ බේරෙන ශ්‍රී ලංකාවේ අභිමානය...

:       1       28

කසුන් Thursday, 06 July 2023 08:51 AM

තායිලන්තය කියන්නේ ඇත්තුන්ට නරක විදිහට සලකන රටක්. ඒක වහගන්න ලංකාවේ එන්ජීධ කල්ලියක් අල්ලගෙන අපි හරි හොදයි කියලා ලෝකෙට පෙන්නන්න කරපු වැඩක් කියලා පේන්නේ. මේකෙන් ලංකාවේ පශු වෛද්‍ය සේවය නරකයි කියන පණිවුඩයත් ලෝකෙට ගියා. ආපහු ගන්න දෙන්නේ මොකොටද ලොකු වුණහාම. ලංකාවේ සංස්කෘතිය නැති කිරීමේ සහ සංචාරක ව්‍යාපාරය නැති කිරීමත් මේවාගේ අරමුණ වෙන්න පුලුවන්

:       35       2

තාරකThursday, 06 July 2023 11:24 AM

සතුන්ට තියා මනුෂ්‍යයින්ටවත් හරියට සළකන්නේ නැති ලංකාවේ මහ ලොකු කයිවාරු සංස්කෘතිය හදා ගන්නේ නැතිව අපි මොකටද තායිලන්තයේ සත්ව හිංසනය ගැන කතා කරන්නේ? @කසුන්, ඔයාටත් මස්තිෂ්කයේ අර්බුධයක් ඇති වෙලාද?

:       1       27

Rasika Thursday, 06 July 2023 10:06 AM

දැන් ඇතා ගැන කතා කරා ඇති නේද?

:       2       12

Rambanda Podiralahamy Thursday, 06 July 2023 11:09 AM

දෙන්නත් එපා. ඒ වගේ වටින සතෙක් මේ රටේ ඉන්න අයට පරෙස්සමෙන් බලාගන්න බැරි නම් තව මොන කතාද?

:       0       1

mangala Thursday, 06 July 2023 11:20 AM

තව ටික දවසකින් ඇතාව ප්‍රදර්ශනය කරලා සල්ලි හම්බකරන business එක පටන් ගනී, රටේ ගැණු ටික ලෝකෙට විකුණන රටකට ඕවා මොනාද අපි නොදන්න තායිලන්තය.

:       23       6

තාරකThursday, 06 July 2023 11:37 AM

ලංකාවේ තවමත් සිදුවෙන ක්‍රියාකලාපය හොඳයිද? එහෙට වඩා මෙහෙ අන්තයි කියලා පිළිගන්න ලැජ්ජයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site