
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් එකතු වෙන්නැයි කියා ජනපති විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද? හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපති වෙන්නට තමාට උදව් කරනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබූ බව කී විපක්ෂ නායකවරයා 2019 දී ගෝඨාභය රාජපක්ෂය සමග ජනාධිපති වෙන්නට තමාට උදව් කළ ආකාරය හොඳටම දන්නා බවද කීය .
තමාට එම උදව් අවශ්‍ය නැතැයි ද යන්නේ කොතනටද කියා තීන්දු කරන්නේ දේශපාලන ඩීල් වලින් නොව රටේ ලක්ෂ දෙසිය විස්සකගේ මතය ප්‍රකාශ කිරීමෙන් බවද විපක්ෂ නායක වරයා කීය.
අවුරුදු විසි එකක් විපක්ෂ නායක කමේ පුටුව රත් කර කර ඉන්න තමාට උවමනා නැතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයෙකු වීමට ඔබට කුසලතා තිබිය යුතුය. ඔබ දේශපාලනයේ සිටින කුඩා දරුවෙක්.
ඔබත් සමග 100% ක් එකඟයි.
අපේ කැමැත්ත කොහොමත් ලැබෙන්නේ නැහැ.
ඕකනේ කියන්නේ ඉස්කෝලේ ගිය කාලේ ගුරුවරුන්ට උගන්නන්න පටන්ගත්තා. ඒ පාර රටෙනුත් පැන්නුවා . රට ගිහිල්ලා ඉංගිරිස් ටිකක්, බස් එලවන්න, ගිටාර් ගහන්න ඉගෙනගෙන ඇවිල්ලා ගම් වල මෝඩ මිනිස්සුන් ගේ ගැලවුම් කාරයා උනා. නන්නත්තාර වෙලා හිටපු එජාපයෝ ටිකක් දේශපාලනයෙන් ගොඩ එන්න ඔහේගේ වලිගෙ එල්ලිලා උන් තවත් නන්නත්තාර උනා. ඒ බව දැනගත්ත රනිල් ඔහේව ගොඩදාන්න හැදුවාම එයාටත් කොකා පෙන්නන්න හදනවා. මෝඩ සජිය.