
(විමුක්ති එස් රුද්‍රිගු)
ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු අද (06) උදෑසන ට්විටර් වෙත පැමිණ තිබේ.
වසර 11 කට පසුව ට්විටර් වෙත පැමිණි මාර්ක් සකර්බර්ග් කිසිවක් නොපවසා රූපමය සටහනක් පමණක් තබා ගොස් ඇත.
ට්විටර් සමඟ තරඟ වැදීම සඳහා මෙටා සමාගම දියත් කළ ත්‍රෙඩ්ස් අද(06) උදෑසන එම සමාගම මහ ජනයා වෙත මුදා හැර තිබේ. එය සනිටුහන් කිරීම සඳහා මාර්ක් සකර්බර්ග් වසර 11 කට පසුව ට්විටර් වෙත පැමිණ තිබේ.
ද්විත්ව අනන්‍යතාවයක් සහිත ස්පයිඩර් මෑන් රූ සටහනක් මාර්ක් සකර්බර්ග් ට්විටර් හි තබා ඇත. ඉන් අදහස් වන්නේ ට්විටර් සමාජ මාධ්‍යයට සියයට 100 සමාන තවත් අමුත්තෙක් සමාජ මාධ්‍ය වෙත පැමිණියා යන්න බව විශ්ලේෂකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන වටිනා නිව්ස් නැද්ද ඔබේ පත්තරේ දන්නා ? දාන්නකෝ express pearl නැවේ වන්දියට මොනවද උනේ ? පැන්ඩෝරා පුවත් පතේ ඩොලර් මිලියන 5000 රාජපක්ෂ වරුන්ගේ කළු සල්ලි වලට මොනවද උනේ ? උගන්ඩා ගුවන්යානයේන් උගන්ඩාවට ගෙනිච්ච ඩොලර් වලට මොනවද උනේ ? මාගල් කන්දේ සිවුරු හොරා ජපානයේ කොල්ලගේ කලිසම ගලවන්න කිව්වේ ඇයි ?........ තව තියනවා මේ රටේ ප්‍රශ්න ඒවා දාන්නකෝ .