(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ ණය ප්‍රතිව්‍යුහකරණ යෝජනාවෙන් රුපියල් කෝටි ලක්ෂ 12 ක මුදලක් මෙරට වැඩ කරන ජනතාවට අහිමි වන බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය තොරතුරු අනාවරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 5) පැවසීය.
රජයේ මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදලේ ප්‍රධානීන්ගෙන් කරුණු විමසීමෙන් තොරව බවද ඔහු සඳහන් කළේය.
ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.
මුදල් කාරක සභාව අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල යන ආයතනවල ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න අහනකොට අපට ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. මේ රජය මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ ඒ ප්‍රධානීන් කැඳවල අධ්‍යයනයක් කරල නොවෙයි. මේ යෝජනාවෙන් වැඩකරන ජනතාවගේ මුදල් කොච්චර අඩු වෙනවද කියල හොයල නැහැ. ඒ ගැන පරීක්ෂණ කළ වෙරිටේ රිසර්ච් ආයතනයකෝටි ලක්ෂ 12ක් වැඩකරන ජනතාවගේ මුදලින් කප්පාදු වෙනවා කියලා කියනවා.එතකොට මේවා ගැන ප්‍රශ්න අහන්න මට අයිතියක් නැද්ද.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ථසාධකේ තියෙන මගේ රුපියල් 100, ආණ්ඩුව 20% පොලියට දීලා රුපියල් 20ක් හම්බ කරනවා. ඒකෙන් මට රුපියල් 9 දීලා ඉතුරු රුපියල් 11 මාටිය ගහනවා. වඩාත් නිවැරදිව කියනවා නම්, ආණ්ඩුව රුපියල් 11 මාටියා ගහලා මට රුපියල් 9 දෙනවා. ජාතියේ ගැලවුම් කාරයාට අපි සලකන්න ඕනෑ කොහොමද?
අර්ථසාධකේ තියෙන මගේ රුපියල් 100, ආණ්ඩුව 20%පොලියට දීලා රුපියල් 20ක් හම්බ කරනවා. ඒකෙන් මට රුපියල් 9ක් දීලා ඉතුරු රුපියල් 11 මාටියා ගහනවා. වඩාත් නිවැරැදිව කියනවා නම්, ආණ්ඩුව රුපියල් 11 මාටියා ගහලා මට රුපියල් 9ක් දෙනවා... ජාතියේ ගැලවුම් කාරයාට අපි සලකන්න ඕනෑ කොහොමද?
ඔය සල්ලි ටිකට විදිනකන් මොවුන්ගේ දත් කැක්කුම සුවවෙන්නේ නැහැ...
අනේ අම්මපා... මේ මනුස්සයා මොන වෙලාවක ඉපදුණාද මන්දා..? මේ වගේ තව 4-5 දෙනෙක් හිටියොත් ලංකාවට අබ සරණ තමයි...
සිල්වා ආර්ථික ගායකයින් කියන්නේ කව්ද? රා තැබෑරුම් ගාව සින්දු කියන අයද? සිල්වා රට මුදල් තත්ත්වය අනුව මහබැංකුව පොලී අනුපාත වෙනස් කරනවා ඒක ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසාම වෙනදෙයක් නොවෙයි. ඊනියා බැංකු කොල්ලය සිදුඋන ගමන් තැන්පතු වලට ගෙවන පොලිය 14% උනා පසුව ක්‍රමයෙන් අඩු උනා. අපෙත් තැන්පතු තිබෙනවා අපි අවුරුදු ගණනාවක සිට පොලි අනුපාත වල වෙනස් වීම ගැන අවබෝයෙන් ඉන්නේ. පොලී තීරණය කරන්නේ මහබැංකුව මිසක් රජය නොවෙයි කියයි අපි දන්නේ. සජියට හොඳ මස්කට්ටක් හම්බවෙලා සුප්පු කරන්න.