(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල මල්කඩුවාව හෙරළියාවල කර්මාන්තපුරයේ පවත්වාගෙන යන කම්හල් තුනක් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
පින්තූර රාමු නිපදවන කම්හලක් සමඟ පාවහන් නිෂ්පාදන සහ රෙදි නිෂ්පාදන කම්හලක් මෙම ගින්නෙන් විනාශයට පත්ව ඇති බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
එකිනෙකට යාව පිහිටි කම්හල් තුනක් මෙලෙස ගින්නට හසුව තිබෙන අතර පින්තූර රාමු නිපදවන කම්හලෙන් ගින්න හටගෙන ඇති බවට සැක කරයි.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවද කියයි.
කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සමඟ කුරුණෑගල මූලස්ථාන පොලීසිය හා හෙරළියාවල යුද හමුදා කඳවුරේ සාමාජිකයන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ දරා ඇතත් කම්හල් තුළ තිබූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කර්මාන්තපුරයේ කම්හල් තුනක් ගිනි ගෙන වැනසෙයි