IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කුඩු සළිදුගේ ගෝලයෙක් පානදුරෙන් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් පොතුපිටිය සහ ඉන්දිකා රාමනායක)

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන  සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු  මල්ශිත  ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිදු  නමැත්තා  අපරාධ රැසකට යොදාගත්  බවට සැක කරන ජර්මනියේ නිෂ්පාදිත නයින් එම් එම්   පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය කියයි.

එම ගිනි අවිය සමග මැගසිනය සන්තකයේ තබාගෙන සිටි ඔහුගේ ගෝලයෙක් අත්අඩංගුවට ගත් බව එම ඒකකය කියයි .

අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරන සලිදු මල්ශිත ගුණරත්න  හෙවත් පානදුර කුඩු සලිදු  නැමැත්තා අනාවරණය කල තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර හිරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක්  ආසන්නයේ දිය.

අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ රැඳවුම් නියෝග ලබා ගෙන මෙම ගිනි අවිය යොදාගෙන සිදු කළ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා  සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

කුඩු සළිදුගේ ගෝලයෙක් පානදුරෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site